මැණික් මාර කට්ටක් කාලා

Avatar Cinema.lk A | April 8, 2013 233 Views 0 Likes 0 Ratings

233 Views 0 Ratings Rate it

මැණික් විජේවර්ධන කියන්නේ මෑතකදී තිරගත වුණු නාලක විතානගේ“අනිත්‍යා“ චිත්‍රපටය නිසාවෙන් බොහෝ කතා බහට ලක් වු තරුණ රංගන ශිල්පිණියක්.පසුගිය දවසක ඇය සිදුවුණු අතපසු වීමක් ගැන අපට ආරංචි වුණා.අතපසු වීමක් කියලා කිව්වට මේක අතපසු වීමක්ම නෙවෙයි.එක්තරා විදියක කට්ටක්.

පසුගිය දවසක අනිත්‍යා චිත්‍රපටයේ මංගල දර්ශනය තිබුණා.මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වන්න කටයුතු යොදා තිබුණේ ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් තරංගනී ශාලාවෙයි.ඉතින් අදාල උත්සව අවස්ථාව සදහා සහභාගී වීමට මැණික් පැමිණිලා තියෙන්නේ පැය ගාණක් තිස්සේ මේකප් දමා හැඩ වැඩ වීමෙන් අනතුරුව ලු.

හැඩ වැඩ වී මැණික්,සංස්ථා භුමියට පැමිණියත් එතන කිසිවෙක් දකින්නවත් ලැබිලා නෑ.කෙසේ වෙතත් චිත්‍රපටය නරඹන්න පිරිස පැමිණෙතැයි අපේක්ෂාවෙන් ඇය පැය 1/2 ක් පමණ වේලාවක් එතැන රැදී ඉදලත් තියෙනවා.

දැන් ඉතින් මැණික්ගේ ඉවසීමේ සීමාවත් පැනලා.ඇය වහාම නාලකගේ දුරකථනයට ඇමතුමක් ගන්නවා.

“අයියෝ මැණික් හෙටනේ චිත්‍රපටයේ මංගල දර්ශනය පෙන්වන්නේ.“

දුරකථනයේ එහා පැත්තෙන් මේ වචන ඇහුණ පසුවයි මැණික්ට තේරීලා තියෙන්නේ ඇය දවසක් කලින් ඇවිල්ලා කියලා. කොහොමින් හෝ මැණික් කිසිවක් සිදුනොවූ පරිදි හෙමිහිට සංස්ථා භූමියෙන් පිටව ගියාලු.

anithya anithya anithya anithya anithya anithya anithya anithya anithya anithya anithya

Share

233 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.