වැඩිම ප්රේක්ෂක පිරිසක් එන සිනමාහලට මිලියනයක්
ඓතිහාසික කතා රැල්ල මෙරට සිනමා කර්මාන්තය ආක්රමණය කිරීමත් එක්ක සිනමාශාලා වලින් ඈත් වු ප්රේක්ෂකයින් සිනමාශාලා වෙත ඇදී ආවත් මේ රැල්ල නොනවතින එකක් නිසාදෝ දැන් දැන් ප්රේක්ෂකයින් නැවතත් සිනමාශාලාවලට ගොස් චිත්රපට බලන ප්රමාණය සාපේක්ෂව අඩු වී ඇත.මොකද මෙහෙම කියන්නේ පසුගිය දවසක මේ කාරණය නිසා එක්තරා චිත්රපට කණ්ඩායමක් අපුරු තරඟයක් සංවිධානය කලා.මේ තරඟය සංවිධානය කරපු චිත්රපටය තමයි සිරි දළඳාගමනය…තරඟය වුනේ මෙන්න මේකයි.
ශ්රී ලාංකේය සිනමා ඉතිහාසයේ මුල් වතාවට සිනමාහල් අතර එක් චිත්රපටයක් වෙනුවෙන් ඉලක්කගත ප්රේක්ෂක සංඛ්යාවක් සපුරන සිනමාහල සඳහා රුපියල් ලක්ෂ 10 ක ත්යාගයක් දෙන්න මෙයාලා තිරණය කරලා.ඒ කියන්නේ සංවිධාකයින් තීරණය කරලා තියෙන ඉලක්කගත ප්රේක්ෂකයින් ප්රමාණය සපුරාලන සිනමාශාලා තෝරලා කුසපත් ඇදලා එයින් එකකට රුපියල් ලක්ෂ 10 මුදලක් දෙන්න තමයි මේ අය සැලසුම් කරලා තියෙන්නේ.ඉලක්කගත ප්රේක්ෂක සංඛ්යාව සකස් කොට ඇත්තේ කුස පබා, ශ්රී සිද්ධාර්ථ ගෞතම සහ සිරි පැරකුම් යන චිත්රපට නැරැඹීමට අදාළ සිනමාහලට පැමිණි ප්රේක්ෂකයන් සැලකිල්ලට ගනිමිනි. මේ අනුව සිරි පැරකුම් චිත්රපටය වැඩිපුරම ප්රේක්ෂකයින් සංඛ්යාවක් නරඹා ඇත්තේ කුරුණෑගල සිනෙක්ස්පෝ සිනමාහලේය.ඒ 121735 කි. තරගය ජයග්රහණය කිරීමට නම් එහි සිරි දළදාගමනය අවම ප්රේක්ෂකයන් ගණන 131473 ක් විය යුතුය.
සිරි දළදාගමනය ආරම්භක වටයේ ප්රදර්ශනය අවසන් වී සති දෙකක් ගතවීමට පෙර වැල්ලවත්ත සැෆයාර් හෝටලයේදී අදාළ සිනමාහල් හිමියන් අතරින් ප්රේක්ෂක ඉහත කී ඉලක්කය සපුරන සිනමාහල් තෝරා කුසපත් ඇද ජයග්රාහී සිනමාහලට හිමි ලක්ෂ 10 සිනමාපටයේ සම නිෂ්පාදිකා ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය අතින් පිරිනැමෙනු ඇත.
Written by Cinema.lk A
