ගායිකාවන් වුනු නිළියන්

Avatar Cinema.lk A | February 25, 2014 98 Views 0 Likes 0 Ratings

98 Views 0 Ratings Rate it

මේ දිනවල රටේ ඇහෙන ආරංචිවල නම් තියෙන්නේ ලංකාවේ නිළියන්ගේ ඡන්දේ ඉල්ලන කතා නේ.ඡන්දේ කතා වගේම මේ දවස් වල නිළියෝ පෝලීමට තවත් වැඩක් කරන්න පටන් අරන්.ඔන්න දැන් හැමෝම සින්දු කියන් පටන් අරන්.මේ විදියට සින්දු කියන නිළියෝ අතර මුලින්ම කතා බහට ලක්වුනේ සුදු නංගිගේ ගීතයයි.සුදු නංගි කියලා කිව්වේ නව පරපුරේ නිළි අයෝමි ශානිකාට..කොයි කවුරුත් ඇයව දන්නේ ඒ නමින් නිසයි ඇයව ඒ විදියට ආමත්‍රණය කලේ.අයෝමී හා ඇගේ සැමියා විසින් ගායනා කල මේ ගීතය නම් කරලා තිබුණේ “මගේ හඳගැස්ම“ නමිනුයි.

ඊලඟට ගීතයක් නිර්මාණය කළේ උදාරි වර්ණකුලසුරියයි.ඇය මේ ගීතය නිර්මාණ කරලා තියෙන්නේ ඇයගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන්.උදාරිගේ ගීතයේ රූපරචනාවේ පෙනී සිටින්නේ උදාරි හා ඇගේ සැමියායි.නිළියන් අතරින් අලුතින්ම ගීතයක් නිර්මාණය කරලා තියෙන්නේ උපේක්ෂායි.ඇයගේ ගීතයේ පුර්වප්‍රචාරක පටයක් මේ වන විට මුදා හැරලා තිබුණත් තවමත් සම්පුර්ණ ගීතය නිකුත් කරලා නැහැ.ආරංචියේ හැටියට උමාලි තිලකරත්නත් සාරංග දිසාසේකරත් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා.


Share

98 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.