සුනිල් හෙට්ටිආරච්චි දරුණු ලෙස රෝගී වේ

Avatar Cinema.lk A | March 26, 2014 98 Views 0 Likes 0 Ratings

98 Views 0 Ratings Rate it

සිනහවට කැමති කොයි කාටත් අමතක නොවන මුහුණු ගොන්න අතරේ ඔහුගේ රුවද සටහන්ව තිබුණා.මුහුණ පුරා වැවුණු රුවුල,තට්ටය හා ඇට කෝට්ටෙකු සේ පෙණුන ඔහුගේ ශරීරය ඔහු වචනයක් කතා කරන්නට මත්තෙන් සිනහ උපදවන්න සමත් වු කාරණා වුනා.මා කුඩා අවදියේ අසිමිත ආශාවකින් නැරඹු“බෝඩීම“ නම් හාත්ස්‍යඋත්පාදක නාටකයේ ඔහු නිරුපණය කල චරිතය මෙම ලිපිය ලියන්න යන මොහොතේ පවා මගේ මතකයට නැගෙන්නේ මුවඟට සිනහවක් ද එක් කරමිනි.සුනිල් හෙට්ටආරච්චි…එහෙම නැත්තනම් අපේ සහෝදර කලා ශිල්පියෙක් වු සුනිල් අයියා ගැනයි මේ සටහනක් තබන්න යන්නේ.

මුලින්ම කියන්න ඕනැ…අපි මේ කාරණාව සඳහන් කරන්නේ කිසිදු වාසියක්,ප්‍රචාරණයක් හා ලාභයක් අපේක්ෂාවෙන් නම් නෙවෙයි.ඇත්තටම කුඩා කාලයේ පටන් අපිව හිනාවෙන් පිස්සු වට්ටපු මේ සුන්දර මිනිසා දැන් සිටිනා තත්ත්වය ගැන ඔයාලව දැනුවත් කරන්නයි මේක ලියන්නේ.සුනිල් අයියා දැන් ඉන්නේ දැඩි ලෙස රෝගාතුර වෙලා.ආරංචියේ හැටියට ඔහු දරුණු ලෙස රෝගී වෙලා වසර පහක් වෙනවලු.මේ අපේ සහෝදර ශිල්පියාට වැලදිලා තියෙන්නේ පාකින්සන් නම් දරුණු ස්නායු රෝගයක්.කිහිප වතාවක්ම රෝහල්ගත කරලා ප්‍රතිකාර සිදුකරලා තියෙනවා.මේ දවස්වල ඔහු ඉන්නේ මාලිගාවත්ත නිවාස සංකිර්ණයේ තියෙන ඔහුගේ නිවසේ ප්‍රතිකාර ලබමිනුයි.මේ වෙලාවේ සුනිල් අයියගේ දරුවන් හතරදෙනා තමයි ඔහුව බලාගන්නේ

අපි මේ විස්තර ඔයාලට කියන්නේ මේ ආදරණීය මිනිසා වෙනුවෙන් සැනසුම් සුසුමක් හෙලන්න නෙවෙයි.කෙලෙහිගුණ දන්න මිනිසුන් කොටසක් විදියට මේ මොහොතේ මුළු මහත් කලා ලෝකයට අමතක වෙලා ගිය ඔහු ගැන යලිත් ඔයාලට මතක් කරන්නයි අපිට ඕන වුනේ.ඔයාලගේ ආගම,ජාතිය කුමක් වුනත්,ඔබ යන්නේ පන්සලකටද පල්ලියකටද කෝවිලකට ද….ඔබ දෙවියන් යදින මොහොතක මොහු වෙනුවෙනුත් දෙවියන් යදින්න.ඔහුගේ හොඳ මතක් කරලා පහනක් පත්තු කරන්න.ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න.ළඟ පාතකනම් ඉන්නේ මේ සොඳුරු කලාකරුවාව බලන්න ගිහින් එන්න.

එක දවසක් හරි මොහුගේ විහිලු වලට හිනා වෙලා තියෙනවනම් ඔබ ඔහු වෙනුවෙන් එක් මොහොතක් දෙවියන් යදින්න.ඇත්තටම අපිට කියන්න ඕන වුනේ මෙන්න මේකයි.අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි.සුනිල් අයියේ!අපි ඔබ තුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

අපි cinema.lk

sunil sunil

 

 

සේයා රූ – අමිත් එස්. සේනාරත්න

Share

98 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.