මෙරට තැණුනු ස්වීස් චිත්‍රපටය
මීට මාස කිහිපයකට ප්‍රථම ස්වීස් ජාතික චිත්‍රපටි කණ්ඩායමක් මෙරටට පැමිණියේ සිනේ ලොකේෂන්ස් සර්විස් ආයතනයේ ඇන්තනි ලෝඩන් ගේ ආරාධනාවකට ස්වීස් චිත්‍රපටයක රූ ගත කිරීම් අරඹන්නටයි.ටොමී ලෙස නම් තබා ඇති මේ විදේශීය සිනමා සිතුවම සඳහා පසුබිම්තල මෙරටින් අවශ්‍ය වනවා සේම මෙහි ප්‍රධාන භුමිකාව සඳහාද මෙරට රංඟන ශිල්පියෙකු දායක කරගැනීමට ඔවුන් තීරණය කරා.ඒ අනුව විශාල පිරිසක් පරික්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව මෙරටින් එක් රංඟන ශිල්පියෙකු ඒ කාර්යය සඳහා ඔවුන් තෝරා ගත්තා.
ඔහු නමින් කුමාර රණපුරව.සටන් නළුවෙක් වශයෙක් ඉමහත් කීර්තියක් දිනාසිටි කුමාර ඇතැම් ටෙලි නිර්මාණයන් හරහා තමා දක්ෂ චරිතාංග නළුවෙක් යන වග පසක් කර දී තිබුණා. පසුගිය දින ගණනක් පුරාම නුවර, මාතර, වැලිගම, කොග්ගල වැනි ප්‍රදේශවල මෙහි රූ ගත කිරීම් සිදුවුණා. මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑවේ Moa gammel කියන ස්වීස් ජාතික ජනපි‍්‍රය නිළියයි. කුමාරට රඟපාන්න ලැබුණේ ඇයත් සමඟ. කුමාරගෙ රංගනය ගැන අධ්‍යක්‍ෂවරයා වගේම ඇයත් බොහෝම සතුටින්ලු ලංකාවෙන් පිටත් වුණේ. ළඟදීම ‘ටොමී’ තිරගත වේවි. එතකොට බලමු රණේගෙ වැඩත් හැඩත් කොහොමද කියලා
Written by Cinema.lk A




























