The Cinema Discussion That Never Happened – ජාතික තරුණ සිනමා උළෙලට සියල්ල සූදානම්
ජාතික තරුණ චිත්‍රපට උළෙල මගින් සංවිධානය කළ, The Cinema Discussion That Never Happened නැමැති සිනමා සාකච්ඡාමය වැඩසටහන පසුගිය ඉරිදා (04) දිනයේදී පැවැත්වුනා. ඒ බත්තරමුල්ල දියත උයන එලිමහන් රංග පීඨ පරිශ්‍රයේදී යි. අද දවසේ සිංහල සිනමාව පිළිබඳව, තමා දරන මතය සිතැඟි පරිදි පළ කිරීමට මෙහිදී සිනමාව සම්බන්ධව උනන්දුවක් දක්වන තරුණ පිරිසට අවස්ථාව හිමිවුනා.
පැමිණ සිටි තරුණ තරුණියන් විශාල පිරිසක් සිංහල සිනමාව දැනට ගමන් කරමින් සිටිනා මාවත පිළිබඳව සිය දැඩි අප්‍රසාදය පළකල අතර, ඔවුන් සිංහල චිත්‍රපට නැරඹීම සඳහා සිනමා ශාලාවට නොයන හේතු ද එහිදී සඳහන් කළා. සිංහල සිනමාව වෙනස් විය යුතු නම්, එම වෙනස් වීම් සිදු විය යුත්තේ කෙසේද ආදී යෝජනා ද ඉදිරිපත් වූ අතර, පැය තුනකට ආසන්න කාලයක් මෙම සිනමා සාකච්ඡාව බත්තරමුල්ල දියන උයන පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ සිනමා විචාරකයෙකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙකු වන ශෙනාල් ගුණසේකර විසිනුයි.
මෙම වසරේ පැවැත්වීමට කටයුතු යොදා ඇති ජාතික තරුණ චිත්‍රපට උළෙලට සමගාමීවයි මෙම වැඩසටහන පැවැත්වුණේ. චිත්‍රපට උළෙලට සමගාමීව පැවැත්වෙන “ජාතික තරුණ කෙටි චිත්‍රපට තරගය” සඳහා කෙටි චිත්‍රපට භාර ගැනීම ද මේ වනවිට සිදුවනවා.
ජාතික තරුණ චිත්‍රපට උළෙල පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් නුදුරේදීම ඔබට ගෙන එන්නට අපි සූදානම්…
පසුගියදා පැවැත්වූ The Cinema Discussion That Never Happened සිනමා සාකච්ඡාවෙ හි ඡායාරූප කිහිපයක් පහතින් දැකගත හැකියි. ජාතික තරුණ චිත්‍රපට උළෙල පිළිබඳව වැඩිදුර විස්තර එහි නිල වෙබ් අඩවියෙන් සහ Facebook – Instagram – Twitter ගිණුම් හරහා සොයා ගැනීමට ඔබට හැකියාව පවතිනවා.
Written by Kavinu Weerakkody