The Young Karl Marx චිත්‍රපටය තිරගත කෙරෙයි
The young karl marx චිත්‍රපටය තිරගත කිරීමේ විශේෂ දර්ශනයක් කොළඹදී පැවැත්වෙනවා. ඒ “අවතාරය” නම්වූ නව සඟරාවක් එළිදැක්වීමේ උත්සවයෙදියි. 2018 මාර්තු 27 වැනිදා සවස 2.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී මෙම චිත්‍රපටය තිරගත වනු ඇති.
2017 වසරේ නිර්මාණය වුනු මෙම චිත්‍රපටය කාල් මාක්ස්ගේ තරුණ අවදිය ඇසුරින් නිර්මාණය වුවක්. හයිටි සිනමාකරුවකු වන Raoul Peak මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. Raoul සමග Rascal Bonitzer චිත්‍රපටයේ තිර රචනය සඳහා දායක වී තිබෙනවා. August Diehl මෙහි මාක්ස් ලෙස චරිත නිරුපණය කරනවා. Stefan Konarske, Vicky Krieps, Oliver Gourmet, Hannah Steele චිත්‍රපටයේ සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වනවා. විනාඩි 118ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටය විදෙස් සිනමා උළෙල කිහිපයක් නියෝජනය කොට තිබෙනවා. Traverse city film festivalහිදී Founders grand prize සම්මානය දිනා ගැනීමට චිත්‍රපටය සමත් වුනා. Berlin film festival සම්මාන උළෙලේදී මෙම චිත්‍රපටය තිරගත කෙරුනා.
Written by Nisanka Weheraduwa