Think Twice !-ඉන්දීය සිනමා උළෙලේ අවසන් වටයට

Avatar Cinema.lk A | November 28, 2012 43 Views 0 Likes 0 Ratings

43 Views 0 Ratings Rate it

නිරෝෂන් අප කා අතරත් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ නව පරපුරේ දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් විදියට.ඒත් අපි මේ කතා කරන්න යන්නේ නිරෝෂන්ගේ රංගනය ගැන නම් නෙවෙයි.රංගනයට අමතරව උප්පතියෙන්ම ඔහු උරුම කරගෙන ආ නිර්මාණශීලි හැකියාවක් ගැන සදහන් කරන්නයි අපි සුදානම් වෙන්නේ.ඔහු සතුව පවතින මේ හැකියාව තමයි චිත්‍රපට අධ්‍යක්ෂණය.මේ වසරේ දී තමන් අතින් නිර්මාණය වු Think Twice නම් කෙටි චිත්‍රපටය ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙලක අවසන් වටය නියෝජනය කිරිමෙන්ම ඒ බව මොනවට කි පානවා.අපුරු සංකේත විදික්‍රමයක් යොදා ගනිමින් නිරෝෂන් තම නිර්මාණය ඔස්සේ විනාඩි හතක් පුරාවට ඉතාමත් නිර්මාණශිලි කතා පුවතක් ගෙනහැර පානවා.තමන්ගේ නිර්මාණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙවැන්නනක්..

‘ මේ කෙටි චිත‍්‍රපටිය සංකේතාත්මකයි. මම මේකෙදි යතුරු සහ දොරවල් යොදාගෙන කියන්න උත්සහ කළේ ගැහැණිය සහ පිරිමියා පිළිබඳව .

නූතන සමාජයේ පිරිමියාගේ හැසිරීම සහ ගැහැණියගේ හැසිරීම පිළිබඳව කතා කළා. ඒ අයගේ ලිංගික ජීවිතය පිළිබඳ කතා කළා.

ගැහැණියකට වටිනාකමක් තියෙනවා. ඇය පිරිමියෙකුවත් පිරිමියා කරන කරන දේ කළ යුතු කෙනෙකුවත් නෙවෙයි. එහෙම කළොත් ඇයට ගැහැණුකම අහිමි වෙනවා.

අද සමාජයේ මේ දේ  වෙලා තියෙන්නේ . ගැහැණියකට ගැහැණුකම අහිමි වෙනවා නැත්නම් ගැහැණියක සතු ලැජ්ජාව භය නැති වෙනවා කියන්නේ අනාගතයේ අන්තරායක සළකුණක්. අවිශ්වාස පිවිසුමක් ’.

මේ චිත‍්‍රපටයේ කතා සංකල්පය මෙන්ම අධ්‍යක්ෂණ නිරෝෂන් විජේසිංහගෙ . කැමරාකරණය සහ සංස්කරණය  කෝසල සුභසිංහ. සහය අධ්‍යක්ෂණය හසිත අනුරංග.

තවමත් නිරෝෂන්ගේ මෙම නිර්මාණය අන්තර්ජාලයට මුදා හැර නෑ.cinema.lk හරහා නුදුරු දිනයක දීම මෙම අපුරු කෙටි චිත්‍රපටය නැරඹීමේ අවකාශය සලසා දෙනු ලබනවා.තමන්ගේ මේ නිර්මාණාත්මක හැකියාවෙන් ලාංකේය කලා කෙත අස්වද්දන්න නිරෝෂන්ට හැකියාවත් වසනාවත් ලැබේවා කියා අප ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා

Share

43 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.