ටයිටැනික් වයලීනය ඉතිහාස පොතට
මුළු ලොවම කඳුළු සයුරේ ගිල්වමින් 1912 අපේ‍්‍රල් 15 වනදා අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නෞකාව ගිලෙද් දී හාර්ට්ලි නම් ගාන්ධර්වයා වැයූ වයලීනය දැවැන්ත මිලකට වෙන්දේසි වී තිබේ.
ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ ටයිටැනික් සංගීත කණ්ඩායමේ නායකයා වූ වොලස් හාර්ට්ලිගේ නිසල දේහය මත තිබී සොයාගත් මෙම වයලීනය පසුගියදා ලන්ඩනයේ පැවති වෙන්දේසියේ දී අලෙවි වූයේ ඩොලර් මිලියන 1.6 ක් තරම් ඉහළ මිලකට බවයි. ලංකාවේ මුදලින් නම් එය රුපියල් මිලියන 210 (කෝටි 21ක්) පමණ වේ.
ටයිටැනික් නෞකාව අයිස් කන්දක හැපී විනාශ වූ අතර මෙම ඛේදවාචකයෙන් හාර්ලිගේ සංගීත කණ්ඩායමේ සියළුම සගයින් ඇතුළු අති විශාල පිරිසක් මරුවා ගිල ගත්තේ ය.
සඳහන් වන ආකාරයට අනතුර සිදුවූ මොහොතේ නොසන්සුන් වූ පිරිස සන්සුන් කිරීමේ අටියෙන් හාර්ට්ලිගේ සංගීත කණ්ඩායම නොනවත්වාම සිය සංගීතය සපයා තිබේ.
ඉහත දැක්වෙන්නේ එහි දී හාර්ට්ලි විසින් වැයූ එම ඓතිහාසික වයලීනය යි.
ඉහත මුල් වීඩියෝවෙන් 1912 දී ටයිටැනික් නෞකාව විනාශ වී තිබූ අයුරු දැක්වේ.

Written by Cinema.lk
