Twilight නිළිය Kristen Stewart බුදු දහමේ සරණ යයි

Avatar Cinema.lk | July 15, 2013 83 Views 0 Likes 0 Ratings

83 Views 0 Ratings Rate it

බුදු දහම පිළිබඳව හොලිවුඩ් තාරකාවන් කිහිප දෙනෙකුම පැහැදීමකින් යුතුව අදහස් දැක්වූ බව පුවත් කිහිපයක්ම අපට පසුගිය දිනවල අසන්නට ලැබුනා. එ මෙන්ම බුදු දහම අදහන බෞද්ධයන් බවට පත්වූ තාරකාවන් අතරට අලුතින්ම එක්වන්නේ (ක්‍රිස්ටින් ස්ටෙවර්ට්) Kristen Stewart ය. Twilight චිත්‍රපටයේ Bella ගේ චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය, Twilight චිත්‍රපටයේ Edward Cullen ලෙස රංඟනයේ යෙදුනු Robert Pattinson සමඟ පැවැත්වූ පෙම් සබඳතාව නිසා ඇතිවූ ආරවුල් නිසා මහත් සේ පීඩාවට පත්වූ තැනැත්තියක්. මේ මානසික පීඩාව නිසාම ඇය මේ දිනවල බුදු දහම හා සමීපව කටයුතු කරන බවයි දැනගන්නට ලැබෙන්නේ. ජපානයේ ප්‍රචලිත බෞද්ධ නිකායක් වන නිචිරන් බුදු දහමේ අනුව ධර්ම සජ්ඣායනාවේ යෙදෙමින් ඇය මානසික සුවය  වෙනුවෙන් කටයුතු කරන බව වාර්තා වේ.

jennifer-lopez-256x300

Jennifer Lopez

24 වියැති ඇයගේ තුන් වසරක ප්‍රේමයේ විරහව වියැකෙන්නටත් මත්තෙන් ඇගේ පෙම්වතා සුප්‍රසිද්ධ ගායකයෙකු වන එල්විස් ප්‍රෙස්ලිගේ මිණිපිරිය වන Riley Keough සමඟ හාදකම් පවත්වන බවද හොලිවුඩයෙන් අසන්නට ලැබේ.
මීට පෙර  සුප්‍රසිද්ධ ගායිකා ජෙනිෆර් ලෝපේස් (Jennifer Lopez) ද බුදුදහම පිළිබඳව පැහැදීමකින් යුතුව කටයුතු කල අතර ඇය බුදුදහම අදහන බෞද්ධයෙකු බවත් ඇය කිහිප වරක්ම ප්‍රකාශ කර ඇත.

 

 

 

 


 

පහතින් දැක්වෙන්න බුදු දහම වැලඳගත් ප්‍රසිද්ධ කලාකරුවන් කිහිපයකගේ තොරතුරුයි.


 

Tiger Woods

Tiger Woods

Miranda Kerr

Miranda Kerr

Steve Jobs

Steve Jobs

Kate Bosworth

Kate Bosworth

Kate Hudson

Kate Hudson

Dalai Lama with Richard Gere

Dalai Lama with Richard Gere

Bill Clinton

Bill Clinton

Keanu Reeves

Keanu Reeves

Share

83 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.