මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරපු තුන් හතර දෙනෙක් ඉන්නවා – උපේක්ෂා

Avatar Cinema.lk A | August 19, 2013 51 Views 0 Likes 0 Ratings

51 Views 0 Ratings Rate it

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ කලා ලෝකයේ මෙන්ම දේශපාලන ලෝකයේ කැපි පෙනෙන තාරකාවක්.තනිකඩ ජීවිතයක් ගත කරන ඇය තමන්ට එන සෑම අභියෝගයකටම සැහැල්ලුවෙන් මුහුණ දී මේ වන විට ක්ෂේත්‍රයන් දෙකෙහිම හොඳ ස්ථාවරයක් ගොඩනඟා ගනිමින් සිටිනවා.ඇය පැමිණි මේ ගමන් මඟ බොහෝ කර්කශ එකක් වන්නට ඇත්තේ ඇ සතුවු රූප ස්වභාවත් හා ඇය තනිකඩ වීමත් නිසාවෙන් බව ඇගේ වදන් වලට සවන් දෙන්නෙකුට වැටහේවී.උපේක්ෂාට විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් අළලා සැදුණු කටකතා අනන්තවත් පවති.ඒත් මේ සියල්ලක්ම උපේක්ෂාවෙන්ම විදදරා සිටින්නේ මේ වන විට සමාජයෙන් ලැබු පන්නරය නිසාවෙන්මයි.මේ රුවැත්තිය පසුගිය දවසක පුවත් පතකට තමන් මුහුණ දුන් කටුක අත්දැකීමක් ගැන මෙන්න මේ විදියට අදහස් දක්වා තිබුණා.

“මට දැනෙන විදියට මාව ගොඩාක් ළඟින් ආශ්‍රය කරන්න උත්සාහ කරන ගොඩාක් අය මාව ඇසුරු කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒ ගැන හරි කනගාටුයි. මම ඇසුරු කරන්නේ මගේ වැඩවලට අත්‍යවශ්‍ය පිරිසක් විතරයි. ඒ අය අවස්ථාවාදීන් වෙද්දි මට ගොඩක් සූක්ෂ්මව කෙළින් ඉන්න වෙනවා. මම නපුරු වෙන්න කැමැති නැහැ.

මගේ විවාහයේ ගැටලු ඇති වෙන්නත් කලින් මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරපු තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒ අයට මම බොහොම සැරපරුෂ වුණා. මොකද මම ඒ බලපෑම් නිසා අපහසුතාවට පත්වුණා. මම අදටත් ඒ අය එක්ක නිර්මාණවලට දායක වෙන්නේ නැහැ කියන මතයේ ඉන්නේ.“

Share

51 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.