ඇයි මේ ඔක්කොම කොළ පාට?

Avatar Cinema.lk A | February 27, 2013 606 Views 0 Likes 0 Ratings

606 Views 0 Ratings Rate it

සිනමාව යනු මායාවකි.මිහිපිට සැබැවින්ම නොමැති දෑ පවා සිනමා නිර්මාණයක් ඔස්සේ ප්‍රතිනිර්මාණය කළ හැකිව තිබෙන්නේ සිනමාව මායාවක් වන නිසාවෙනි.ජෝ,ජුරාසික් පාක්,ටයිටැනික් වැනි සිනමා සිතුවම් ඔස්සේ සැබැ ලෝකයේ නොමැති දෑ සැබවින්ම සෙලියුලෝඩ් පටියක නිර්මාණය කරන්න මේ මායාකාරී සිනමාවට පුළුවන් වුණේ අධ්‍යක්ෂකවරයාට අමතරව තවත් එක් පිරිසකගේ දායකත්වය නිසාවෙනි

සිනමා කර්මාන්තය තුළ ඔවුන්ට කියන්නේ දෘශ්‍ය ප්‍රයෝග ශිල්පීන් හෙවත් VFX ශිල්පීන් කියාය.මොවුන්ගේ නිර්මාණශීලි හැකියාව නිසාවෙන් මෑත කාලයේදී ලයිෆ් ඔෆ් පායි,හොබිට්,ඇවටාර්,ලෝඩ් ඔෆ් ද රින්ග්,ස්පයිඩර් මෑන් වැනි අපුරු දෘශ්‍ය ප්‍රයෝග චිත්‍රපට රැසක්ම නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා.ඇවටාර් වැනි සිනමාපට ගත්කළ සමස්ථ නිර්මාණයෙන් සීයයට හැත්තෑපහකටත් වැඩි ප්‍රමාණයක් නිර්මාණය වෙලා තිබුණේ දෘශ්‍ය ප්‍රයෝග ඇසුරිනි. VFX නිර්මාණයන්ගේ අග්‍රථලයක් වු ලයිෆ් ඔෆ් පායි සිනමා පටය මෙවර හොඳම සිනමා දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය සඳහා ඔස්කාර් සම්මානයට පාත්‍ර වුයේ VFX හි වැදගත්කම නැවතත් කියා පාමිනි

VFX සඳහා තත්ත්වය මෙසේ වීමුත් VFX ශිල්පීන්ගේ තත්ත්වය නම් මේ වන විට ඒ තරම්ම සුන්දර එකක් වෙලා නෑ.ඒ මොකද කියනවා නම් ලයිෆ් ඔෆ් පායි සිනමා නිර්මාණය සම්මානයට පාත්‍ර වුනත් එහි VFX ශිල්පීන්ට  තමන්ගේ රස්සාව ඇතහැර පාරට බහින්න සිදුවෙලා තියෙනවා.මේ වන විට මේ තත්ත්වය තවත් උග්‍ර අතට හැරිලා.මේ වන විට මේ සුප්‍රකට චිත්‍රපට සමාගම තම VFX කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසකගේ රැකියාවන් අහිමි කරලා අවසන්.තිරය පිටුපස හිද සිනමා නිර්මාණයක් වෙනුවෙන් අපමණ වෙහෙසක් දරන මොවුන් සඳහා මෙම සමාගම් මෙවැනි ක්‍රියාකලාපයක් අනුගමනය කිරීම සම්බන්ධය මොවුන් දක්වනේ ඉමහත් අප්‍රසාදයක්.කොතෙකුත් මේ නිර්මාණයන් සඳහා වෙහෙසුනත් තමන් වෙනුවෙන් නිසි ඇගයීමක්වත් නොලැබෙන බව පවසන මොවුන් මේ වන විට තමන් කළ නිර්මාණයන් හී අයිතිය සම්බන්ධයෙන් හා තමන්ට අහිමි ගිය අයිතිවාසිකම් සම්බන්ධයෙන් හඩක් නැගීමට ඉදිරියට පැමිණ තිබෙනවා.මොවුන් තම අයිතිය වෙනුවෙන් පෙළ ගැසෙන්න කියා දෘශ්‍ය ප්‍රයෝග සිනමාවට ආදරය කරන සැම දෙනාටම ආරධනා කර කරලා තියෙනවා.ඔවුන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් හුඟ දෙනෙකු තමන්ගේ ෆේස් බුක් ගිණුම් කොළ පැහැයෙන් සරසවා තමන්ගේ විරෝධය පාන්න මේ වන විටත් පෙල ගැසී සිටිනවා.

VFX VFX VFX VFX VFX VFX VFX VFX

Share

606 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.