Virat Kohli සහ Anushka Sharma යුග දිවියට
ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක Virat Kohli ලෝකයේම ඉතාමත් ජනප්‍රිය චරිතයක්. ක්‍රීඩාව නිසා වගේම තවත් බොහෝ ක්ෂේත්‍රයන් මගිනුත් Kohli ලෝක ප්‍රජාවගේ අවධානය දිනා ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාව අතින් ඔහු අති සාර්ථක සුපිරි ක්‍රීඩකයෙක්. Kohli පසුගියදා සිය ජිවිතයේ කඩඉමක් සටහන් කළා. ඔහුගේ විවාහය පසුගියදා ඉතාලියේදී සිදුකෙරුනා. ඔහුගේ මනාලිය වුනෙත් ලෝකයම හඳුනන තවත් ජනප්‍රිය චරිතයක්. බොලිවුඩ් සිනමාවේ දඟකාර චරිත රැසක් රඟපාමින් ප්‍රේක්ෂකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් Anushka Sharma, Virat Kohli ගේ මනාලිය වුනා. මේ දෙදෙනාගේ විවාහය පවුලේ සමීපතමයින් සහ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් ඉතාලියේදී සිදු කෙරුනා. ඉතාලියේ Tuscany Amid Resort හෝටලයේදී පැවති මේ විවාහ උත්සවය සීමා සහිත ආරාධිතයින් පිරිසක් සඳහා පමණක් වෙන්වූ නිසා හෝටලය අවට කලාපයට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ බව සඳහන්. කෙසේ නමුත් මේ දෙදෙනාගේ විවාහය වෙනුවෙන් ඉන්දියාවේදී සාදයක් පැවැත්වීමට ඔවුන් සුදානම් වන බව සඳහන් වනවා. ඒ සඳහා ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍රවල බොහෝ දෙනෙක් ආරාධනා ලබා ඇති බවත් බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා.
Written by Nisanka Weheraduwa