සිනමා සංවාද මණ්ඩපය 13 වැනි වරටත්

Avatar Nisanka Weheraduwa | December 11, 2017 98 Views 0 Likes 0 Ratings

98 Views 0 Ratings Rate it

Art Circle සංවිධාන කරන සිනමා සංවාද මණ්ඩපයක් දෙසැම්බර් 24 වැනිදා පැවැත්වෙනවා. අඛණ්ඩව 12 වතාවක් පැවැත්වූ මේ වැඩසටහන් මාලාවේ 13 වැන්න මෙලෙස දෙසැම්බරයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 24 වැනිදා පෙ:ව:9.30 සිට 12:30 දක්වා කොළඹ රාජකීය විද්‍යාලයීය නිපුණතා මධ්‍යස්ථානයේදී මේ සිනමා කතිකාව පැවැත්වෙනවා. මෙවර සංවාදය සඳහා ආරාධිත දේශනය Nuwan Jay විසින් පැවැත්වෙනු ඇති. සුළඟ අප රැගෙන යාවි” සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන ඔහු, විවිධ කළා මාධ්‍යන්හි වසර ගණනාවක අත්දැකීම් ඇත්තෙක්. ඔහු විසින් නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපට තුනක්ද එදිනට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. තිර රචනය, අධ්‍යක්ෂණය සහ චිත්‍රපට සඳහා වන ජාත්‍යන්තර වෙළඳපොළ පිළිබඳව නුවන්ගේ දේශනය පැවැත්වෙනු ඇති. මේ සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන්නේ නම්, විස්තර යොමුකොට ලියාපදිංචි වන ලෙස Art Circle කණ්ඩායම දන්වා සිටිනවා.

1 2 4 5 6 14 12 11 9 7

Share

98 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.