ප්‍රමෝෂන් කරන යශෝදා

Avatar Cinema.lk A | October 10, 2013 53 Views 0 Likes 0 Ratings

53 Views 0 Ratings Rate it

සමනළ සංධ්වනිය කියන්නේ පසුගිය දා තිරගත වීම් ආරම්භ කෙරෙනු, ජයන්ත චන්ද්‍රසිරි නම් සිනමාවේදීයා අතින් තැණුනු හරි අපුරු සිනමා පටයක්.තීරගත වීමටත් මත්තෙන් සම්මාන වලින් හා ප්‍රේක්ෂක ආදරයෙන් පිදුම් ලැබු මෙම සිනමා සිතුවම මේ වන විට සාර්ථක අයුරින් තිරගත වෙමින් පවතිනවා.මේ චිත්‍රපටයෙන් සාර්ථක රංඟනයක් ඉදිරිපත් කරමින් යළිත් ප්‍රේක්ෂක ආදරය දිනාගත් යශෝධා විමලධර්ම නම් සොඳුරු රංඟන ශිල්පිණිය චිත්‍රපටය සඳහා ලබා දී ඇති දායකත්වය රංඟනයට පමණක් සීමා කරගත්තේ නෑ.

මේ වන විට වර්තමාන රංඟන ශිල්පි ශිල්පිණියන් අමතක කර දැමු ප්‍රචාරණ කටයුතු සඳහා දායක වීම කියන කාරණාව සම්බන්ධයෙන් යශෝධා ක්‍රියා කර ඇති අයුරු මේ වන කාගේත් පැසසුමට ලක් වී තිබෙනවා.තමන්ට මුණ ගැහෙන හැමෝටම මේ සිනමා සිත්තම නරඹන ලෙස ආරාධනා කරන යශෝධා චිත්‍රපටයේ ප්‍රමෝෂන් කටයුතු කරනවා කියලා මිතුරන් අතරේ විහිලුවටත් ලක් වෙලා තියෙනවා. කොහොම වුණත් චිත්‍රපටයකට දායකත්වය ලබා දුන්නාට පස්සේ ඒවායේ ප්‍රචාරණ කටයුතුවලදී නිෂ්පාදකවරුන්ට නවකයන්ගෙන් ඉල්ලීම් කරන්න සිදුවෙන කාලයක යශෝධාගේ මේ ක්‍රියාව අගය කළ යුතුයි.

Share

53 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.