මගේ පිබිදීම හරහා හැමෝටම පහසුකම් ලැබුණා – යුරේනි

Avatar Cinema.lk A | November 28, 2013 99 Views 0 Likes 0 Ratings

99 Views 0 Ratings Rate it

යුරේනී නොෂිකා….පුංචි තිරයේ දඟකාර හැඩකාරී.පහුගිය කාලේම නිර්මාණ ඔස්සේ වැඩිය පේන්න හිටිය නැති යුරේනී ආයේමත් ටෙලි කතා කිහිපයකින් සිය ආදරණීය රසිකයන් වෙත එන්නට පටන් අරන්.යුරේනී දිර්ඝ කාලයකට පසු රඟපැවත් ඇයගේ ප්‍රසිද්ධිය බිඳක්වත් අඩුවෙලා නම් තිබුණේ නෑ.මේ දවස් වල ඇයගේ අලුත් නිර්මාණ හින්දා ඇයට ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාර.යුරේනිගේ මේ අලුත් නිර්මාණත් එක්ක මාධ්‍ය ඇය පිළිබඳ නැවතත් කතා කරන්න පටන් අරන්.මේ වගේ මාධ්‍ය වලට ලබා දුන් අදහස් අතර එක් පුවත් පතකට ඇය ලබාදුන් පිළිතුරක් අපේ නෙත ගැටුණා.ඇත්තමට ඒ පිළිතුර මේ විදියට උපුටල ගත්තේ ඇත්තටම කුලිකාරයෝ වගේ වැඩ කරන වෙන රංඟන ශීල්පීන් අතරේ ඇය වෘත්තීය ගෞරවය සුරකින්න ගන්නා වෑයම පුද්ගලිකව අප දන්නා නිසාවෙන්මයි.

 

* මුල් කාලේ යුරේනි කලහකාරි චරිතයක් විදියට ප්‍රසිද්ධියට පත්වෙලා තිබුණා නේද?

ඔව්. මං ඒ දවස්වල හරිම ආවේගශීලීයි. අසාධාරණයක් වෙන්නේ කොතනද මං ඒ වෙනුවෙන් කතා කළා. නළු නිළියන්ට කුලී කාරයන්ට වගේ සලකද්දී මං ඒවට විරුද්ධව නැඟී සිටියා. මගේ පිබිදීම හරහා හැමෝටම පහසුකම් ලැබුණා. නමුත් ඒ පහසුකම් ලබා ගත්ත අයම මං කොකුකාරියක් ලෙසට හංවඩු ගැහුවා. මේක තමයි ඇත්ත කතාව.

හැබැයි දැන් හිතෙනවා ඒ අවස්ථාවල මං ආවේගශීලී වුණා වැඩි ද කියලත්. මොකද මගේ සටන්වලින් ප්‍රයෝජන ගත්තේ වෙන අය. සාමාන්‍යයෙන් මං කලහකාරී නැහැ. ඒත් ඉස්සර මට අසාධාරණේ පෙන්නන්න බැහැ.

 

 

Courtesy -sarasaviya

Share

99 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.