දෙවන සිනමා සම්මාන සැණකෙළියට සියල්ල සුදානම්

Avatar Cinema.lk A | September 26, 2013 856 Views 0 Likes 0 Ratings

856 Views 0 Ratings Rate it

දෙවන වරටත් පැවැත්වෙන දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් සම්පාදනය කර අවසන්.අද පැමිණි සිටි තරු රැසක්ම ඉතා උද්යෝගයෙන් පෙර පුහුණුවීම් කටයුතු වල නිරත වී සිටියේ හෙට පැවැත්වෙන සම්මාන රාත්‍රිය ඉතා විචිත්‍රවත් කිරීමේ අටියෙනුයි.

cinema.lk සමඟ සම්බන්ධ වී සිටින ඔයාලට හෙට දිනයේ සිදුවන සෑම සුවිශේෂි සිදුවීමක්ම අප හරහා සජීවීව දැන ගන්න ඉඩ ප්‍රස්ථාව අපි සලසා දී තියෙනවා.ඉතින් ජනප්‍රිය හා හොඳම කාණ්ඩ දෙක යටතේ තරඟ වදින චිත්‍රපට 16ක් සම්මාන 30කට අධික ප්‍රමාණයක් වෙනුවෙන් සුන්දර තරඟයන යෙදෙන මේ වගේ මොහොතක තරු සමඟ එක් වී ඒ අත්දැකීම සජීවීව විද ගන්න අප හා එක්වන ලෙසට,අප ඇරයුම් කර සිටිනවා.

Share

856 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.