Sri Lanka's Best Cinema Portal

 

Ranja – රන්ඡා

1
Posted October 17, 2013 by in

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer:
 
 
Small Description

අසාධාරණයට එරෙහිව නැවතත්…රන්ඡා

by Cinema.lk A
Full Article

රන්ජා චිත්‍රපටයේ කථා සාරාංශය

ගමේ ඇලක අසල ඇති කර්මාන්ත ශාලාවකින් අපවිත්‍ර ජලය බැහැර කිරීම නිසා ගමේ අයට එහි ජලය භාවිතයට ගැනීමට නොහැකිවෙයි. මේ ගැන උරන වූ ජනයා කර්මාන්ත ශාලාව විනාශ කිරීමට බෝම්බ සවි කරයි. මේ ආරංචිය දැනගත් රන්ජා එතැනට පැමිණ, මෙය පිපිරවීමට සැරසෙන ගම්මුන්ට පහරදී එය වලක්වයි. පසුදින ග්‍රාම සේවක සහ ගමේ පිරිස මේ ගැන සාකච්ජා කර ඇමති හමුවීමට තීරණය කරයි. මේ කටයුත්ත සඳහා රන්ජා යැවීමට සියලූ දෙනා කැමති වෙයි. ගමේ තරුණියක් වන විහඟි ද ඔහු සමඟ නගරයට පැමිණීමට ඉදිරිපත් වේ. ඇයගේ නැන්දාද ඔවුන් සමග එයි. නගරයට පැමිණෙන රන්ජා තමාගේ මිතුරා වන ජොනීගේ නිවසේ නතර වේ. ටොමී ජොනීගේ හොඳම මිතුරාය. ටානියා නගරයේ හැදුනු සංකර ගති පැවතුම් ඇති තරුණියකි. ජොනී ඇයගේ ආදරය ලබා ගැනීමට උත්සාහ කරයි. ස්වර්ණා පාතාලයේ රැජිනයි. කලු විඡේ ඇයගේ සොහොහුරාය. ඇමතිතුමා මේ පාතාල කල්ලිය මෙහෙයවයි. කලු විඡේ මොවුන් සිටින වීදියේ මැරකම් කරමින් කප්පම් ගනිමින් සිටී. මෙම වීදියේ සිදුවන දූෂණ හා මැරකම් නැතිකර සමකාමී පරිසරයක් ඇති කිරීමට උත්සාහ කරන නීතිගරුක පොලිස් පරීක්ෂකවරයෙක් සිටී. ඔහු මෙම පාතාල කල්ලිය මර්ධනය කිරීමට සියලූ බලතල යොදයි. මේ නිසා මොහු සමඟ ඇමති සහ පාතාල කල්ලිය වෛරයෙන් පසුවෙයි. රන්ජා ඇමතිතුමා හමුවී ගමේ ප්‍රශ්ණය පැවසූ විට ඔහු එය විසඳා දීමට පොරොන්දු වේ. ටානියා ජොනීට අකමැති නිසා ඇය රන්ජා හා හාද වීමට උත්සහ කරයි. මෙය දැනගත් විහඟි තරහින් පසුවේ. ටානියා රන්ජා හා හාද වීමට උත්සාහ කරන බව දැනගත් ජොනී කණගාටුවෙන් සිටී. කලු විඡේ කඩවීදියේ කප්පම් ගැනීමට පැමිණි අවස්ථාවේ රන්ජා හා ඇතිවන කථාබහකදී රන්ජා කලු විඡේ අත කඩයි. මේ නිසා රන්ජා හා කලු විඡේ අතර වෛරයක් ගොඩනැගේ. ස්වර්ණා ඇමතිගේ ආධාරයෙන් මැතිවරණයට ඉදිරිපත්වී මැරබලයෙන් ජන්දය ජයග්‍රහණය කරයි. ස්වර්ණා සහ කලු විඡේ තමන්ගේ බලය පාවිච්චි කර රන්ජා විනාශ කිරීමට සැරසේ. ඇමති හමු වී ස්වර්ණා සහ කලු විඡේ රන්ජාගෙන් කරදර බව පවසයි. මේ නිසා ඇමති රන්ජා සමඟ  තරහින් පසුවේ. මේ අතර ටානියා වෙනත් පෙදෙසක පදිංචියට යයි. රන්ජා ඇමති හමුවී ගමේ ප්‍රශ්ණය පිළිබඳව විමසයි. මේ අවස්ථාවේ ඇමති සමඟ ස්වර්ණා හා කලු විඡේ ද සිටී. ඇමති රන්ජාට තර්ජනය කරයි. ස්වර්ණා සහ කලු විඡේ රන්ජාට පහර දී මැරුනා යයි සිතා මහ මඟ දමා යයි. රන්ජා ගෙදර නොපැමිණි නිසා විහඟි ඔහු සොයමින් සිටී. මේ අතර ටානියා ත්‍රීවීලරයකින් යන විට මහමඟ වැටී සිටින රන්ජා හමුවේ. ඇය ඔහු ගෙදරට රැගෙන යයි. ඇය විහඟිට රන්ජා හමු වූ බව දැනුම් දෙයි. විහඟි පැමිණ රන්ජා හමුවේ. රන්ජා මෙහි සිටින බව අනතුරුදායක බැවින් ගමට යන ලෙස ඇයට කියා සිටී. රන්ජා මැරී නැති බව ඇමති දැන ගනී. ඔහු මේ බව ස්වර්ණාට දැනුම් දෙයි. මේ ගැන විමසිල්ලෙන් සිටින ඔවුන්ට විහ`ගි සහ නැන්දා ත්‍රීවීලරයෙන් යන විට හමුවේ. මෙම ත්‍රීවීලරය ලූහුබැඳ ගොස් ඔවුන් ගමන් ගන්නා ජීප් රථය හප්පයි. මෙහිදී විහඟි බරපතල තුවාල ලබයි. මේ දැනගත් රන්ජා ඇය බැලීමට රෝහලට යයි. ඇය දුටු රන්ජා ඇමතිගෙන් පලි ගැනීමේ දැඩි තීරණයකට එළඹෙයි. රන්ජා ඇමති හමුවීමට යන විට එහි ස්වර්ණා හා කලු විඡේ ද සිටී. මොවුන් අතර සටනක් ඇතිවේ. එහිදී  කලු විඡේ සහ ස්වර්ණා මරණයට පත්වේ. මේ වන විට මහ ඇමති මෙම දූෂිත ඇමතිවරයාගේ කි්‍රයාකලාපය ගැන දැනගෙන සිටී. ඔහු රන්ජා හමුවී ගමේ ප්‍රශ්ණය විසඳා ඔහුටද ප්‍රසංශා කරයි.

 

රන්ජා චිත්‍රපටයේ රංගන ශිල්පීන්

රන්ජන් රාමනායක – රන්ජා

ටෙනිසන් කුරේ – ජොනී

හිමාලි සිරිවර්ධන – විහඟි

පියුමි බොතේජු – ස්වර්ණා

නිපුනිකා – ටානියා

රොජර් සෙනෙවිරත්න – පොලිස් පරීක්ෂක

වසන්ත කුමාරවිල – කලු විඡේ

ශ්‍රීමාල් වෙඩිසිංහ – ඇමති

රෙක්ස් කොඩිප්පිලි – පොලිස් අධිකාරී

දෙනුවන් සේනාධී – ටොමී

නිල්මිණී කෝට්ටේගොඩ – නැන්දා

ප්‍රේමදාස විතාන – ඇමති ලේකම්

සඳුන් විඡේසිරි – ග්‍රාමසේවක

සුමනා ගෝමස් – ශකිලා

කථාව, දෙබස්, තිර රචනය, සහ අධ්‍යක්ෂණය – සුදේශ් වසන්ත පීරිස්

කැමරාකරණය – ගාමිණී මොරගොල්ලාගම

සහය අධ්‍යක්ෂණය සහ සංස්කරණය – කුමාරසිරි ද සිල්වා

සංගීත අධ්‍යක්ෂණය – කේෂාන් සුදන්ත පෙරේරා

කලා අධ්‍යක්ෂණය – සරත් සමරවික්‍රම

සටන් අධ්‍යක්ෂණය – වසන්ත කුමාරවිල

නැටුම් අධ්‍යක්ෂණය – සංඛ අබේසිංහ

වේශ නිරූපනය – සරත් රණවීර

නිෂ්පාදන කළමණාකරණය – දොන් ලීලාරත්න

රන්ජා සුනිල් ටී චිත්‍රපට ඉදිරිපත් කිරීමක්

නිෂ්පාදනය සුනිල් ටී ප්‍රනාන්දු

935593_483940454994774_767052016_n 931206_483940371661449_2144141196_n 399776_483940381661448_1519622013_n 32411_483940384994781_2119525546_n 29361_483940281661458_1603227629_n 46230_483940271661459_2026458186_n 934614_483940268328126_1751657290_n 525338_483940214994798_684663246_n 936286_483940218328131_1330933432_n 733929_483940204994799_2296762_n 931240_483940578328095_109236185_n 525181_483940544994765_1491477334_n 164695_483940558328097_2075195279_n 400642_483940501661436_1754315454_n 317484_483940464994773_299536767_n 935636_483940438328109_589077669_n

Share

About the Author

Cinema.lk A


  • pala

    I watched trailer of this. “Ran Gonja” is better name for this movie 😛
    Deepest sympathy SL cinema industry :(