Careers @ Cinema.lk
නිවසේ සිටම පුහුණු සේවකයකු ලෙස Cinema.lk වෙබ් අඩවිය හා එක්වී පුහුණු කාල සීමාව අවසානයේ නිත්‍ය සේවකයෙකු ලෙස අප හා එක්වීමට වරම් ලබාගන්න. (ලියාපදිංචි වීමට පිවිසෙන්න..)
ඔබ…
- Cinema.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබ වෙත ලබා දෙන මුරපදය යොදාගෙන නිවසේ සිටම අප වෙත ලිපි සැපයීමට ඔබට හැකියාව ඇත.
- මාස 6ක පුහුණු කාලසීමාවෙන් පසු වටිනා සහතික පත්‍රයක් සමඟ නිත්‍ය සේවකයකු ලෙස අප සමඟ සේවය කිරීමට වරම් ලබා ගන්න. (සැ.යු. නිත්‍ය සේවකයකු ලෙස බඳවා ගනු ලබනුයේ පුහුණුවන්නන් අතුරින් අති දක්ෂ සීමිත පිරිසක් පමණි.)
- පුහුණු කාල සීමාව තුල දස්කම් දක්වන ඔබ අතුරින් දෙදෙනෙකුට සියළු පහසුකම් සහිත සුපිරි හෝටලයක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලැබේ.
- ලබාදෙන තොරුතුරු හෝ උපසිරැසි වෙබ් අඩවි පරිපාලක මණ්ඩලයේ නැවත සමීක්ෂණයකින් අනතුරුව Cinema.lk වෙබ් අඩවියේ දර්ශණය වේ. ( වෙබ් අඩවියේ දර්ශණය වන දෑ පිළිබඳව අවසන් තීරණය වෙබ් අඩවි පරිපාලක මණ්ඩලය සතුය.)
- සේවයේ යෙදෙන කාලසීමාව තුලදී ඔබටම වෙන්වූ ඔබේ තොරතුරු ඇතුලත් වෙබ් පිටුවක් ද Cinema.lk වෙබ් අඩවිය තුල වෙන් වේ.
- ඔබ ලබාදෙන සියළුම ලිපි හා තොරතුරු සිංහල භාෂාවෙන් තිබිය යුතු ය.
ලිපි සම්පාදක – Web Writer
සිනමාව පිළිබඳ ඇල්මක් ඇති ඔබ වෙනුවෙන් අනඟි අවස්ථාවකි. ලිපි සම්පාදකවරයෙකු වශයෙන් Cinema.lk වෙබ් අඩවිය හා එක් වීමට ඔබ කළ යුත්තේ අප වෙබ් අඩවියේ ලියාපදිංචි වීම පමණ යි. ලොව පුරා සිනමා ක්ෂේත්‍රයට අදාල පුවත්, වාර්තා, වීඩියෝ පට, ජායාරූප ආදීයෙන් යුත් ලිපි සපයා ඔබේ වෘත්තීයමය සුදුසුකම් ඔප්නංවා ගැනීමට ඔබත් කැමති නම් අදම අප හා එක් වන්න. (ලියාපදිංචි වීමට පිවිසෙන්න..)
ඔබ…
- අවම වශයෙන් මාස 6ක කාලයක් අප හා සම්බන්ධ වී කටයුතු කළ යුතුය.
- එම කාල සීමාව තුලදී සතියකට 3 බැඟින්වත් ලිපි සැපයීම යුතුය. (මාසයක කාල සීමාව තුලදී අවම වශයෙන් ලිපි 12ක්වත් සැපයීම කළ යුතු අතර එසේ කිරීමට අපහොසත් වන කාල සීමාව ගණනය සඳහා වලංගු නොවේ.)
- සෑම ලිපියක්ම චවන 200කට නොඅඩු විය යුතුය.
- ලිපියේ අන්තර්ගතය තුල කිසිදු අයුරකින් වෙනත් මුලාශ්‍රයකින් උපුටා ගන්නා ලද තොරතුරු අන්තර්ගත නොවිය යුතුය. යම් හෙයකින් තොරතුරු හෝ ජායාරූප උපුටා ගන්නේ නම් එම මූලාංශ්‍ර පිළිබඳව ලිපිය අවසානයේ සටහන් කළ යුතු ය.
උපසිරැසි සම්පාදක – Subtitle Editor
හොලිවුඩ් හෝ බොලිවුඩ් චිත්‍රපට සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට කැමති ඔබ වෙනුවෙන් අනඟි අවස්ථාවකි. උපසිරැසි සම්පාදකවරයෙකු වශයෙන් Cinema.lk වෙබ් අඩවිය හා එක් වීමට ඔබ කළ යුත්තේ අප වෙබ් අඩවියේ ලියාපදිංචි වීම පමණ යි. ලොව පුරා නොයෙකුත් භාෂා වලින් නිපැයුනු සිනමා කෘති දේශිය ප්‍රේක්ෂකයා වෙත සමීප කරවීමට Cinema.lk වෙබ් අඩවිය ගන්නා වෑයමේ සාඩම්බර කොටස්කරුවෙකු වන අතරම වටිනා ත්‍යාග හා සහතික පත්‍ර දිනාගන්න අදම අප හා එක්වන්න. (ලියාපදිංචි වීමට පිවිසෙන්න..)
- සෑම උපසිරැසි නිර්මාණයක්ම ස්වකීය නිපැයුමක් විය යුතු අතර චිත්‍රපටයේ කියැවෙන අර්ථය ලැබෙන පරිදි නිර්මාණය විය යුතුය.
- චිත්‍රපටයේ දෙබස් අතුරින් 90%ක ප්‍රමාණයක්වත් උපසිරැසියේ අඩංගු විය යුතුය.
සිංහල උපසිරැසි නිර්මාණය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පිවිසෙන්න.
