ඔබ කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙක්ද..?
කෙටි චිත්‍රපට, වීඩියෝපට නිර්මාණය කරන ඔබ වෙනුවෙන් ජාතික මට්ටමේ ඇගයීම් පිරිනැමීමේ වැඩපිළිවෙලක් ගැන තොරතුරු මේ. සී / ස කිංඩම් ඔෆ් රයිගම් සමාගම වාර්ෂිකව ටෙලි සම්මාන උළෙලක් සංවිධාන කරන බව ඔබ හොඳින්ම දන්නවා. ඉන් ඔබ්බට ගිහින්, ඩිජිටල් මාධ්‍ය විශිෂ්ටතා වෙනුවෙනුත් ජාතික මට්ටමේ සම්මාන උළෙලක් සංවිධාන කිරීමට ඔවුන් කටයුතු කරලා.
ඒ යටතේ, කෙටි චිත්‍රපට සහ වීඩියෝපට නිර්මාණය කරන අයට අංශ කිහිපයක් ඔස්සේ ඇගයීම් සම්මාන පිරිනැමීමට ඔවුන් සූදානම්.
මිනිත්තුවක වීඩියෝවක් නිර්මාණය කිරීම මෙහි එක අංගයක්. විනාඩියක් ඇතුළත සාර්ථක ලෙස පණිවිඩයක් දිය හැකි අන්දමේ නිර්මාණයක් කිරීමෙන් ඔබට ඒ තරගයට එක්වෙන්නත් පුළුවන්. ඒ වගේම විනෝදාස්වාදය සපයන අන්දමේ (comedy video) නිර්මාණය තවත් තරග අංශයක් ලෙස නම්කොට තිබෙන නිසා එවැනි වීඩියෝ නිර්මාණ කරනවා නම්, ඔබට එම තරග අංශයටත් අයදුම් කිරීමට අවස්ථාව තිබෙනවා.
ඔබ කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙක් නම් ඔබේ කෙටි චිත්‍රපටය නොඑසේ නම්, වාර්තා චිත්‍රපටය ඉදිරිපත් කරමින් එම තරග අංශයටත් එක්විය හැකියි. මේ එකිනෙක තරග අංශ සඳහා වෙන වෙනම තරග කොන්දේසි පනවා තිබෙනවා.
මෙම සම්මාන කාණ්ඩය ස`දහා විනිශ්චය මණ්ඩලය විසින් කෙටි චිත්‍රපටය (උපරිම විනාඩි 40), 1 minute clip (නාමාවලි සමග උපරිම තත්පර 70), හාස්‍යෝත්පාදක වීඩියෝ (උපරිම විනාඩි 10) සහ වාර්තාමය වීඩියෝවන් (උපරිම විනාඩි 45) ස`දහා සම්මාන 9 ක් පිරිනැමෙනවා.
මිට අමතරව ජනප්‍රිය සම්මාන කාණ්ඩයක්ද පවත්වා ජනප්‍රියම කෙටි චිත්‍රපටය, ජනප්‍රියම හාස්‍යෝත්පාදක වීඩියෝව සහ ජනප්‍රියම මිනිත්තුවක වීඩියෝ පටය සඳහාද ඇගයීම් ලබාදීමට සැලසුම් කොට තිබෙනවා.
මේ සියල්ලට අයදුම් කළ හැකි අවසන් දිනය නොවැම්බර් 06 වැනිදා බව සංවිධායකයින් දැනුම් දෙනවා. 2020 ජනවාරි මස 11 වැනිදා මෙම නිර්මාණ ඇගයෙන සම්මාන උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමටද ඔවුන් සූදානම්.
ඔබත් නිර්මාණ ඉදිරිපත් කිරීමට කැමැත්තක් දක්වන්නේ නම්, වැඩි විස්තර Raigam SoMe awards facebook පිටුවට පිවිසීමෙන් හෝ 077 1061 606 හෝ 602 අංක ඇමතීමෙන් ලබාගත හැකියි.
ඉක්මන් කරන්න. නොවැම්බර් 06 වැනිදාට පෙර ඔබේ නිර්මාණ යොමුකරන්න. මේ සම්මානලාභියා ඔබ විය හැකියි.
Written by Nisanka Weheraduwa