කෝවිඩ් වසංගතයත් සමඟ ඇරඹුනු නවතම සිනමා සම්මාන රාත්‍රිය: Filmfare OTT Awards
පසුගිය කාල වකවානුවේදී ගෝලීයව ව්‍යාප්ත වූ Covid – 19 වෛරස ආසාදනය නිසා ලෝක සිනමා කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වූවා. ලෝ පුරා සිනමාශාලා මාස ගණනාවක් පුරාවට වසා දැමුනු අතර ඉදිරියේදී නිකුත් වීමට නියමිතව තිබූ සිනමාපටත් දින නියමයක් නොමැතිවම කල් ගියා. චිත්‍රපට නිෂ්පාදන ආයතන පවා සිය නිර්මාණ අවසන් කරගත නොහැකිව දැඩි අර්බුදකාරී තත්වයකට පත් වුනා.
එමෙන්ම, සිනමාශාලා වැසී යාම නිසා වැඩ කටයුතු අවසන් කර තිබූ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නොහැකිව සමස්ත සිනමා කර්මාන්තයම විශාල පසුබෑමකට ලක්වූවා.
Over the Top නැතහොත්; OTT ප්ලැට්ෆෝම්ස් එක්වරම ජනප්‍රිය වූයේ මෙවැනි ගැටළුකාරී තත්වයක් මතයි. සිනමාශාලා වැසීයාමෙන් රසිකයින්ට චිත්‍රපට නැරඹීමට තිබූ අවස්ථාව ගිලිහී යාමත් සමඟ, OTT Platforms හරහා එම විනෝදාස්වාදය නැවතත් ඔවුන්ට සමීප වුනා.
ඒ සමඟින් Amazon Prime, Netflix, Hulu වැනි අන්තර්ජාතික නාලිකා මෙන්ම Zee5, Aha, SonyLiv වැනි කලාපීය ott platformsවල ඉල්ලුමත් වේගයෙන් ඉහළ ගියේ කෙටි කාලයක් ඇතුළතයි. අසල්වැසි ඉන්දියානු සිනමාවේ පවා ජනප්‍රිය සිනමා තරු රඟන චිත්‍රපට බොහෝමයක් සිනමාශාලා ප්‍රදර්ශනයට අවස්ථාවක් නොමැතිව මෙම OTT මාධ්‍ය හරහා රසිකයින්ට මුදා හැරියා.
ඉන්දියානු සිනමා රසිකයින් OTT මාධ්‍යයට සමීප වීමත් සමඟින් එම ආයතන විශාල වටිනාකම්වලට චිත්‍රපට මිලදීගත් අතර ඇතැම් චිත්‍රපට එලෙස මිලදී ගත් වටිනාකම ඉන්දියානු කෝටි 100කටත් අධිකයි. එමෙන්ම, මෙම OTT මාධ්‍ය හරහා නිකුත් වන හින්දි චිත්‍රපට සහ වෙබ් කතාමාලාවල විශිෂ්ටත්වය ඇගයීම උදෙසා 2020 වසරේ සිට ඊටම වෙන් වූ සිනමා සම්මාන උළෙලකුත් ආරම්භ වුනා.
ඒ Filmfare OTT Awards සම්මාන රාත්‍රියයි.
වාර්ෂිකව OTT මාධ්‍යයෙන් නිකුත් වන විශිෂ්ටතම වෙබ් කතාමාලා සහ වෙබ් චිත්‍රපට ඇගයීම සඳහා පවත්වනු බලන මෙම උළෙලේ ප්‍රධාන සංවිධායකයා වන්නේ Filmfare සිනමා ප්‍රකාශන සමාගමයි. නොකඩවා තෙවන වරට පැවැත්වූ මෙවර Filmfare OTT Awards උළෙලෙ හි සම්මාන ප්‍රදානය සඳහා තෝරාගෙන තිබුනේ 2021 අගෝස්තු මාසයේ සිට 2022 ජූලි දක්වා නිකුත් වූ වෙබ් නිර්මාණයි.
එහිදී වසරේ හොඳම OTT චිත්‍රපටය ලෙස අභිෂේක් බච්චන් ප්‍රධාන රංගනයෙන් එක්වූ “Dasvi”සම්මාන ලැබූ අතර හොඳම වෙබ් කතාමාලාව ලෙසින් ජයග්‍රහණය කළේ “Rocket Boys” වෙබ් කතාමාලාවයි. SonyLiv හරහා නිකුත් වූ “Gullak” හින්දි කතාමාලාව ‘වසරේ හොඳම හාස්‍ය නිර්මාණය’ ලෙසින් තේරීපත් වුනා.
චිත්‍රපට අංශය වෙනුවෙන් සම්මාන දිනාගත් සියලුම නිර්මාණවල ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා.
Best Film
“Dasvi”
A Thursday
Jaadugar
Kaun Pravin Tambe?
Looop Lapeta
Meenakshi Sundareshwar
Thar
Best Actor – Male
“Abhishek Bachchan (Dasvi)”
Abhimanyu Dassani (Meenakshi Sundareshwar)
Harshvardhan Kapoor (Thar)
Kartik Aaryan (Dhamaka)
Shreyas Talpade (Kaun Pravin Tambe)
Vikrant Massey (Forensic)
Best Actor – Female
“Taapsee Pannu (Looop Lapeta)”
Fatima Sana Shaikh (Thar)
Radhika Apte (Forensic)
Sanya Malhotra (Meenakshi Sundareshwar)
Yami Gautam (A Thursday)
Best Supporting Actor – Male
“Anil Kapoor (Thar)”
Best Supporting Actor – Female
“Mita Vashisht (Chhorii)”
පසුගිය වසර තුළදී නිකුත් වූ නාට්‍යමය (Drama) වෙබ් කතාමාලා අතුරින් මෙවර උළෙලේදී විශිෂ්ටතම නිර්මාණ කිහිපයක්ම සම්මානයෙන් පිදුම් ලැබුනා.
Best Series
“Rocket Boys”
Aashram
Aranyak
Guilty Minds
Mumbai Diaries 26/11
Tabbar
Best Director
“Abhay Pannu – Rocket Boys”
Ajitpal Singh – Tabbar
Ashish Shukla – Undekhi
Nikkhil Advani and Nikhil Gonsalves – Mumbai Diaries 26/11
Prakash Jha – Aashram
Shefali Bhushan – Guilty Minds
Vinay Waikul – Aranyak
Best Actor (Male)
“Pavan Malhotra – Tabbar”
Bobby Deol – Aashram
Ishwak Singh – Rocket Boys
Jim Sarbh – Rocket Boys
Mohit Raina – Mumbai Diaries 26/11
Varun Mitra – Guilty Minds
Viineet Kumar – Rangbaaz
Best Actor (Female)
“Raveena Tandon – Aranyak”
Amruta Subhash – Saas Bahu Achaar Pvt. Ltd.
Madhuri Dixit – The Fame Game
Sakshi Tanwar – Mai
Shefali Shah – Human
Shriya Pilgaonkar – Guilty Minds
Sushmita Sen – Aarya
Best Supporting Actor (Male)
“Gagan Arora – Tabbar”
Best Supporting Actor (Female)
“Supriya Pathak – Tabbar”
එම සම්මාන සියල්ලම හාස්‍යමය වෙබ් කතාමාලා උදෙසාත් වෙනමම ප්‍රදානය කළ අතර බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදිම Panchayat සහ Gullak කතාමාලා ද්විත්වය ජයග්‍රහණ රාශියක් තමන් සතු කරගන්නට සමත් වූවා.
Best Series/ Special
“Gullak: Season 3”
Home Shanti
Ghar Waapsi
Little Things Season 4
Panchayat Season 2
Kota Factory Season 2
Best Actor (Male)
“Jameel Khan – Gullak”
Bhuvan Bam – Dhindora
Dhruv Sehgal – Little Things
Jitendra Kumar – Kota Factory
Jitendra Kumar – Panchayat
R Madhavan – Decoupled
Best Actor (Female)
“Geetanjali Kulkarni – Gullak”
Anushka Kaushik – Ghar Waapsi
Masaba Gupta – Masaba Masaba
Mithila Palkar – Little Things
Supriya Pathak – Home Shanti
Surveen Chawla – Decoupled
Best Supporting Actor (Male)
“Raghubir Yadav — Panchayat Season 2”
Best Supporting Actor (Female)
“Neena Gupta — Panchayat Season 2”
ප්‍රබන්ධමය නොවන වෙබ් නිර්මාණ අතුරින් වසරේ විශිෂ්ටතම නිර්මාණය බවට පත් වූයේ House of Secrets: The Burari Deaths වෙබ් කතාමාලාවයි. ඉන්දියානු නිවසක සිදුවූ අභිරහස් මරණ කිහිපයක් ඔස්සේ දිගහැරෙන මෙය අතිශය ධනාත්මක විචාරක ප්‍රතිචාරයක් දිනාගැනීමටත් සමත් වුනා.
මීට අමතරව හොඳම තිර පිටපත් රචනය, හොඳම සංස්කරණය, හොඳම දෘශ්‍ය ප්‍රයෝග ආදී තවත් සම්මාන කාණ්ඩ කිහිපයක්ම මෙම උළෙලේදී දැකගන්නට ලැබුනා. පහතින් දක්වා තිබෙන්නේ එම ජයග්‍රහණයන් හි සම්පූර්ණ ලැයිස්තුවයි.
Best Original Story (Series)
Harman Wadala, Sandeep Jain and Mr. Roy – Tabbar
Best Dialogues
Chandan Kumar – Panchayat Season 2
Best Screenplay
Abhay Pannu and Shiv Singh – Rocket Boys
Best Adapted Screenplay
Nikhil Gonsalves, Anushka Mehrotra and Yash Chetija – Mumbai Diaries 26/11
Best Background Music
Sneha Khanwalkar – Tabbar
Best Original Soundtrack
Shivam Sengupta and Anuj Danait — Yeh Kaali Kaali Ankhein
Best Editing
Parikshhit Jha – Tabbar
Best Production Design
Meghna Gandhi – Rocket Boys
Best Cinematographer
Harshvir Oberai – Rocket Boys
Best Costume Design
Biju Antony and Uma Biju – Rocket Boys
Best VFX
Variate Studio – Rocket Boys
මෙවර Filmfare OTT උළෙලේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවකට හිමිකම් කියමින් පළමු තැනට පත්වූයේ, Rocket Boys නැමැති සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවූ වෙබ් කාතාමාලාවයි. එය දිනූ සම්මාන ප්‍රමාණය 08ක්! ඊට අමතරව Tabbar කතාමාලාවත් මෙවර උළෙලට පැමිණි බොහෝ දෙනෙකුගේ අවධානයට පත් වූයේ සම්මාන 07ක් ජයග්‍රහණය කරමින්…
Written by Kavinu Weerakkody