දමිත් විජේතුංග රඟපාන ‘මේඝ වර්ෂා’ වැඩ පටන් ගනී

Avatar Kavinu Weerakkody | November 11, 2025 35 Views 0 Likes 0 Ratings

35 Views 0 Ratings Rate it

ක්ලැරන්ස්, Hello from the Other Side සිනමාපටවලින් ජනප්රිය වූ දමිත් විජේතුංග ප්රධාන රංගනයෙන් හැඩවන ‘මේඝ වර්ෂා’ නවතම සිනමාපටයේ වැඩ කටයුතු පසුගියදා ආරම්භ වුනා.

මෙම චිත්‍රපටයේ දමිත් විජේතුංග නිරූපණය කරන්නේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ චරිතයයි.

මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ මෙරට සිටින ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු වන උදයකාන්ත වර්ණසූරිය විසිනුයි. බහුබූතයෝ – ගිනිඅවි සහ ගිනිකෙලි – ගින්දරී ඇතුලු ජනකාන්ත චිත්‍රපටය සියල්ලම ඔහු විසින් අධ්‍යක්ෂණය කළ නිර්මාණයි.

මේඝ වර්ෂා චිත්‍රපටයට දමිත් සමඟින් ප්‍රධාන කාන්තා චරිතයට රංගනයෙන් එකතු වන්නේ අංජලී ජයසිංහයි. සනත් ගුණතිලක, ජගත් බෙනරගම, චතුර රාපක්ෂ ඇතුලු තවත් ජනප්රිය නලු නිලියන් රැසක් මේඝ වර්ෂා සිනමාපටයෙන් දැකගන්නට පුලුවන්.

මේඝ වර්ෂා සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්තගෙනි.

මේ දිනවල දිවයින පුරා ප්‍රෙද්ශ ගණනාවකදී මෙම සිනමාපටයේ රූගත කිරීම් සිදුවෙමින් පවතිනවා.

Share

35 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.