දීපිකා සහ රන්වීර් විවාහ වෙයි, මාධ්‍යට නිකුත් කළ පළමු පින්තූර

Avatar Nisanka Weheraduwa | November 16, 2018 113 Views 0 Likes 0 Ratings

113 Views 0 Ratings Rate it

බොලිවුඩ් පුරයේ තරු යුවලක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ප්‍රේමවන්තයින් බව ක්ෂේත්‍රයේ වගේම ලෝකයේම රසිකයින් දැනගෙන සිටි කාරණයක්. පසුගිය මාසයේ ඔවුන් සිය විවාහය පිලිබඳ නිවේදනය කළා. ඒ සමගින් මුළු ලෝකයේම අවධානය මේ විවාහය වෙත යොමු වුනා. නොවැම්බර් 14 සහ 15 දෙදින මේ විවාහය පැවැත්වුනේ ඉතාලියේදියි.

නමුත් ඔවුන් දෙදෙනා මේ විවාහය අතිශය පෞද්ගලික මට්ටමින් පවත්වාගෙන යාමට තීරණය කොට තිබුනා. විවාහය සැලසුම් කොට තිබුනේ ඉතාලියේ සුපිරි මන්දිරයකදීයි. සමීප මිතුරන් සහ ඥාතින් මේ විවාහයට සම්බන්ධ වී තිබුනා. ඔවුන් ඒ හැම දෙනාගෙන්ම විශේෂ ඉල්ලීමක් කොට තිබුනේ කැමරා හෝ වෙනත් තාක්ෂණික මෙවලම් නැතිව විවාහයට සහභාගී වන ලෙසින්. ඒ අනුව පින්තුර සහ වීඩියෝ මාධ්‍යයට නිකුත් කරන්නේ ඔවුන්ගේ නිළ ශිල්පින් ඔවුන්ගේ අනුමැතිය ඇතිව පමණයි. කෙසේ නමුත් මේ සුවිසල් මන්දිරය අසල ඇති ජාල මාර්ගයක බෝට්ටුවකින් යන අතරතුර කිසිවෙක් මේ මංගල්‍ය රූගත කොට තිබුණු බව අන්තර්ජාලයේ පැතිර ගියා. ඊට අමතරව ඔවුන් නිළ සේයාරූ දෙකක් පමණක් මේ වනවිට මාධ්‍යයට නිකුත් කොට තිබෙනවා.

46450887_2338279376246152_3110020191656869888_n      46492257_2338279372912819_2037770057043410944_n

 

Share

113 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.