බොලිවුඩ් තරුව දීපිකා, ප්‍රංශයට යන්න බෑ කියයි.

Avatar Nisanka Weheraduwa | March 3, 2020 333 Views 0 Likes 0 Ratings

333 Views 0 Ratings Rate it

දීපිකා පදුකෝන් ගැන බොලිවුඩයේ විතරක් නොවෙයි ලෝකය පුරාම කතා වෙනවා. ඇගේ හැකියාව වගේම රූපයත් නිසා දීපිකා කෙටි කාලයක් තුළ දිගු ගමනක් පැමිණි නිළියක් ලෙස බොලිවුඩ් සිනමා විචාරකයින් පවා පවසා තිබුණා. ඇගේ මේ ජනප්‍රියත්වය නිසාම ලෝක ප්‍රසිද්ද ප්‍රංශ විලාසිතා සතිය නියෝජනය කරන්න ඇයට ආරාධනා ලැබුනා.

ලෝක ප්‍රසිද්ද සන්නාමයක් වන Louis Vuitton වෙතින් ඇයට මේ ආරාධනය ලැබුනේ Louis Vuitton’s FW2020 Show සඳහා සහභාගී වීමටයි. මුලින් මේ සංදර්ශනයට සහභාගී වෙන්න එකඟ වී සිටියත් ඇය හදිසියේ තීරණය වෙනස් කරලා. ලෝකය පුරා පැතිර යන කොරෝනා වෛරස තත්වය හේතුවෙන් ඇය මේ තීරණය ගත් බව ඇගේ කළමණාකරුවන් පවසා තිබුනා.

ප්‍රංශයේ මේ වනවිට හඳුනාගත් කොරෝනා වෛරස ආසාධිතයින් ගණන 130ක්. එයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

Share

333 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.