බොලිවුඩ් පුර “වසරේ විවාහ මංගල්‍යය” එළඹෙන නොවැම්බරයේ

Avatar Nisanka Weheraduwa | October 22, 2018 96 Views 0 Likes 0 Ratings

96 Views 0 Ratings Rate it

බොලිවුඩ් තරු ගැන ප්‍රවෘත්ති නිතර නිතර වාර්තා වනවා. ඒ බොහොමයක් මේ තරු ගැන කියවෙන පෞද්ගලික තොරතුරු. මේ කියන්න යන්නෙත් ඒ වගේ ආරංචියක්. බොලිවුඩ් සිනමාවේ වර්තමානයේ සිටින ජනප්‍රියම තරු වුවලක් ගැන අලුත්ම නිළ තොරතුරු වාර්තා වනවා. Ranveer Singh සහ Deepika Padukone යුවළ සිය විවාහ උත්සවය ගැන ඊයේ තොරතුරු නිළ වශයෙන් නිවේදනය කළා.

වසර හයකට පෙර මේ දෙදෙනා පෙම්වතුන් වූ බව තමයි බොලිවුඩ් ආරංචි මාර්ග පවසන්නේ. නමුත් කිසිදු විටෙක ඔවුන් සිය ප්‍රේමය ගැන එළිපිට කතාකොට තිබුනේ නැහැ. කෙසේ නමුත් Social media හරහා වගේම අනිකුත් බොලිවුඩ් තරු කියන කරන දේවල් වලිනුත්, ප්‍රසිද්ධ ස්ථානවල ඔවුන් දෙදෙනා හැසිරුණු ආකාරයත් නිසා ඔවුන්ගේ ප්‍රේමය ලෝකයට රහසක් නොවුනු බව Bollywood hungama වාර්තා කොට තිබුනා. කෙසේ නමුත් පැතිරුණු ආරංච අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට රන්විර් හෝ දීපිකා ඉදිරිපත් වුනේ නැහැ.

අවසානයේ ඊයේ (ඔක්.21 වැනිදා) ඔවුන් සිය විවාහ මංගල්‍ය පිළිබඳව නිළ වශයෙන් නිවේදනය කළා. නොවැම්බර් 14 සහ 15 දෙදින ඔවුන් දෙදෙනාගේ පවුලේ ඥාති හිතමිතුරන්ගේ සහ ක්ෂේත්‍රයේ හිතවතුන්ගේ ආශිර්වාද මැද තමන්ගේ විවාහය සිදුවන බව මාධ්‍ය හරහා නිළ වශයෙන් ඔවුන් නිවේදනය කොට තිබෙනවා.

මේ ආරංචිය පැතිර යාමත් සමග බොලිවුඩ් සිනමා රසිකයින් කුඹී ගුලක් මෙන් ඇවිස්සුනු බව පැවසෙනවා. Social media හරහා ඔවුන්ට සුබ පැතීම, ඔවුන්ගේ විවාහය පිලිබඳ විවිධ උපකල්පන කිරීම, ඔවුන්ගේ මංගල ඇඳුම පිලිබඳ උපකල්පන කිරීම වගේම ඔවුන් දෙදෙනාවම විවේචනය කිරීම් ආදී විවිධ ප්‍රතිචාර විශාල වශයෙන් සමාජ ජාලා තුළ ව්‍යාප්ත වන්නට පටන් ගත්තා.

කෙසේ නමුත් තවත් සති තුනක් ඇතුලත මේ සියල්ල පිලිබඳ නිවැරදි තොරතුරු දැනගැනීමට බොලිවුඩ් රසිකයින්ට අවස්ථාව උදාවනු ඇති.

Share

96 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.