ලොකු පුතාට වයස 25යි. අම්මා නැවත ගැබ් ගනියි.

Avatar Nisanka Weheraduwa | October 22, 2018 63 Views 0 Likes 0 Ratings

63 Views 0 Ratings Rate it

නකුල් වයස අවුරුදු 25ක තරුණයෙක්. පෞද්ගලික අංශයේ සමාගමක හොඳ රැකියාවක් කරනවා. නකුල්ගේ පියා දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක්. නකුල්ගේ මව සාම්ප්‍රදායික ගෘහණියක්. දරුවන්ගේ ස්වාමියාගේ කෑම බිම පිසීම, රෙදි සේදීම වගේ වැඩ වලට අමතරව ඇය කරන්නේ අහල පහල කාන්තාවන් එක්ක ඕපාදුප කියවීම. ඇගේ නැන්දම්මා වයස 80 ඉක්මවපු නමුත් හොඳ සිහිනුවණින් යුතු කාන්තාවක්. නමුත් තමන්ගේ ලේලියට නිතර නිතර සෑම වැඩකටම දොස් පැවරීම ඇගේ සිරිතක්. නකුල්ගේ එකම සහෝදරයා 12 ශ්‍රේණියේ ඉගනුම ලබන පාසල් ශිෂ්‍යයෙක්. සාමාන්‍ය පරිදි ගතවන මේ පවුලේ උදවියගේ ජීවිත එකවරම උඩුයටිකුරු වෙන්නේ නකුල්ගේ මව අසනීප වීම හේතුවෙන්.

වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට ඇයව රැගෙන යනවා. වෛද්‍යවරයා පවසන දෙයින් මේ දෙදෙනාම පුදුමයට පත් වනවා. ඇය ඔවුන්ගේ තුන්වැනි දරුවා බිහිකිරීමට සුදානම් බව වෛද්‍යවරයා පවසනවා. සෞඛ්‍යමය හේතුන් මත අවශ්‍ය නම් ගබ්සාවක් කරගත හැකි බවත් නමුත් එය ඉදිරි දින දෙක තුන ඇතුළත කළ යුතු බවත් වෛද්‍යවරයාගේ මතය වනවා. නකුල්ගේ මව ගබ්සාවට එකහෙලාම විරුද්ධ වන්නේ මෙය දෙවියන්ගේ ආශීර්වාදය නිසා සිදු වූවක් බව පවසමින්. නමුත් ප්‍රශ්න පටන් ගන්නේ එතැනින්.

මීළඟ ගැටලුව මේ බව දරුවන්ට කියන්නේ කොහොමද කියන එක. විශේෂයෙන් ලොකු පුතාට. නමුත් අවසානයේ ඔවුන් දරුවන්ට මේ බව කියනවා. මිත්තණියගේ බැණුම් ගැරහුම් සියල්ල සිය ලේලිය වෙත යොමු වන්නේ මෙය ඇගේ වරදින් සිදු වූවක් බව පවසමින්. මුළු සමාජයම ඔවුන් සමච්චලයට ලක් කරනවා. නකුල්ගේ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි පෙම්වතියගේ මව ඔවුන්ට දෝෂාරෝපණය කරමින් කතා කිරීම නිසා ඇයට බැන වදින නකුල් ඔහුගේ පෙම්වතිය අත්හරිනවා. මේ ආකාරයේ ගැටළු රැසකට මුහුණ දෙන මේ පවුල මේ ඉරණම කෙලෙස විසඳා ගනියිද.?

ඔක්තෝබර් 19 වැනිදා සිට තිරගත වීම් ඇරඹි “Badhaai Ho” චිත්‍රපටය බැලුවොත් ඔබට මේ ගැටළු විසඳාගත හැකි වේවි. විනෝදාත්මක සහ නාට්‍යමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය වුනු මෙය Amit Ravindernath Sharmaගේ අධ්‍යක්ෂණයක්.  Akshat Ghildial මේ චිත්‍රපටයට තිර රචනය සිදුකොට තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන නකුල් කෞශික් ලෙස රංගනයේ යෙදෙන්නේ Ayushmann Khurrana. ඔහුගේ පෙම්වතිය වන Renee Sharma ලෙස Sanya Malhotra සහ ඔහුගේ මව Priyamvada Kaushik ලෙස Neena Gupta රංගනයෙන් දායක වනවා. Gajraj Rao, Suba Chaddha ඇතුළු නළු නිළි පිරිසක් අනිකුත් චරිත සඳහා රංගනයෙන් දායක වනවා. පැය 2ක් සහ මිනිත්තු 4ක ධාවන කාලයකින් යුතු මේ අපූරු චිත්‍රපටය දැන් ලොව පුරා තිරගත වනවා.

 

Share

63 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.