රංගන ශිල්පි නලින් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි

Avatar Kavinu Weerakkody | September 24, 2025 79 Views 0 Likes 0 Ratings

79 Views 0 Ratings Rate it

කලක සිට අසනීප තත්වයෙන් පසුවූ, මෙරට සිටි ප්‍රවීණ රංගධරයෙකු සහ කලා ශිල්පියෙකු වූ නලීන් ප්‍රදිප් උඩවෙල මහතා දිවි ගමනින් සමු ගෙන තිබෙනවා.

වේදිකාව හරහා රංගනයට අත්පොත් තැබූ ඔහු 1990 දශකයේදී ජුලියට්ගේ භූමිකාව, රාජ්‍ය සේවය පිණිසයි වැනි සිනමාපට රැසකට රංගනයෙන් එකතු වුනා.  ආසයි මන් පියාඹන්න – අස්වැසුම – මුතුසළඹ – මධුර චාරිකා ඔහු රඟපෑ තවත් ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්.

සුද්දෙක් ඔබ අමතයි වේදිකා නාට්‍යය සමඟින් මෑතක් වනතුරුම රඟහලට ගොඩවුනු නලින් ප්‍රදිප් මහතා කැළණි පාලම, ජූරිය, සෙවනැලි ඇද මිනිස්සු වැනි නාට්‍ය සඳහාත් රංගනය දායකත්වය ලබා දුන්නා.

නමුත් නලීන් උඩවල ලාංකීය රසිකයින්ට වඩාත්ම සමීප වුනේ බට්ටි, ඇහිපිල්ලමක් යට, කිඳුරු අඩවිය, පින්සර දොස්තර, පිනිවැස්ස වැනි අතිශය ජනකාන්ත ටෙලි කතාමාලා වලිනුයි.

අකුරු මැකී නෑ – මිණිගංදෑල – කෝලම් කුට්ටම වැනි ටෙලිනාට්‍ය වලට ඔහු මෑතක් වනතුරුම රංගනයෙන් සම්බන්ධ වුනා.

මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී මිය යනවිට, ඒ මහතා 56 වියෙහි පසුවුනා.

වේදිකාව – සිනමාව – ටෙලි තිරයෙන් ලාංකීය රසිකයින්ට නොමැකෙන මතකයක් එක් කළ ප්‍රවීණ රංගධරයානෙනි,
ඔබට සුබ ගමන්!

නලීන් ප්‍රදීප් උඩවෙල
1969 – 2025

Share

79 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.