ලාංකීය දමිළ සිනමාවේ නවතම දිගහැරුම – Soppana Sundhari අගෝස්තු 25 සිට
ලාංකීය සිනමාව තුළ එක් වසරකදී සිංහල භාෂාමය චිත්‍රපට රාශියක් ප්‍රදර්ශනය වූවත්, ඒ හා සාපේක්ෂව මෙරට දමිළ සිනමාකරුවන්ගේ ස්වතන්ත්‍ර – දමිළ භාෂාමය චිත්‍රපට දක්නට ලැබෙන්නේ බොහොම අඩුවෙන්. අතීතයේදී දමිළ සිනමාකරුවන් බොහෝ දෙනෙකු ලාංකීය සිනමාවට සක්‍රීයව දායක වුනු බවට තොරතුරු තිබුනත්, මෑතකාලය වනවිට එහි යම් අඩුවක් දක්නට ලැබෙනවා.
කෙසේ වුවත්, පසුගිය වසර කිහිපයක කාලය තුළදී ලාංකීය දමිළ සිනමාපට කිහිපයක්ම දිවයිනෙ හි සිනමාශාලා ගණනාවකට මුදා හැරුනු අතර ඒවා මෙරට සිනමා ලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමටත් සමත් වුනා. King Ratnam විසින් අධ්‍යක්ෂණය කළ Komaali Kings (2018) චිත්‍රපටය ඊට හොඳම නිදසුනක්…
Komaali Kings චිත්‍රපටයෙන් පසුව ලාංකීය සිනමාවට එකතු වන, තවත් නවක සිනමාකරුවෙකුගේ අලුත්ම දමිළ – වෘතාන්ත චිත්‍රපටයක් මෙම අගෝස්තු 25 වනදා සිට ප්‍රදර්ශනය ඇරඹෙනවා. ඒ Mathavan Maheswaran විසින් අධ්‍යක්ෂණය කළ “Soppana Sundhari (සොපනා සුන්දරී)” සිනමාපටයයි.
දිගු කාලයක් පුරාවට හොඳින් හඳුනන මිතුරන් තිදෙනෙකුගේ ජීවිතය වටා ගෙතෙන මෙම චිත්‍රපටය, හාස්‍ය මුසු Black Comedy ශානරයේ නිර්මාණයක්. සුලු සුලු හොරකම් කරමින් ජීවිතය ගැට ගහන්නා මෙම මිතුරන් තිදෙනාගේ අපිළිවෙළ ජීවිතය එක්තරා නොසැලකිලිමත්කමක් නිසා සම්පූර්ණයෙන්ම වෙනස් මඟකට යොමුවෙනවා.
ඔවුන්ට අයිති පාර්සලයක්, වෙනත් අයෙකුගේ පාර්සලයක් සමඟ මාරුවීමත් සමඟ මෙම මිතුරන් තිදෙනාට පාතාල කල්ලියක් විසින් සිදුකරන එක්තරා මාෆියාවකට සම්බන්ධ වීමටත් සිදුවනවා. සුලු සුලු හොරකම් කරමින් එදිනෙදා ජීවිතය ගෙවා දැමූ මොවුන් මේ මාෆියාවෙන් පැන ගන්නා ආකාරයත්, සොපනා සහ සුන්දරී නැමැති ඔවුන්ගේ පෙම්වතියන් මෙම ගැටලුවට මුහුණ දෙන ආකාරයත්, “Soppana Sundhari” චිත්‍රපටය තුළින් ඔබට දැකගත හැකියි.
ගජනන් කෛලෛනාදන්, නිරංජනී ශන්මුගරාජා, ජොඑල් ක්‍රිස්, ධනුෂ් නාගේන්ද්‍රන් ඇතුළු මෙරට දමිළ කලා ක්ෂේත්‍රයේ හුරුපුරුදු මුහුණු ගණනාවක් ම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට රංගන දායකත්වය ලබා දෙනවා. අධ්‍යක්ෂක Mathavan Maheswaranගේ පළමු සහ කුළුදුල් වෘතාන්ත චිත්‍රපටය අධ්‍යක්ෂණය වන්නේ ද මෙයයි.
චිත්‍රපටයේ කතාව සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ Joel Chriz විසිනුයි. කැමරා අධ්‍යක්ෂකවරයා චමල් වික්‍රමසිංහයි. Jeevanandhan Ramගේ සංගීතයෙන් හැඩ වුනු මෙහි ගී පද රචනය Varuon Thushyanthanගෙනි. මෙහි සංස්කරණ කටයුතු සිදු කර ඇත්තේ ද අධ්‍යක්ෂකවරයා වන මාධවන් මහේස්වරන් විසින්මයි.
“Soppana Sundhari” සිනමාපටයෙ හි නිල පූර්ව ප්‍රචාරකපටය අන්තර්ජාලයට නිකුත් කොට තිබෙන අතර පහත සබැඳිය ඔස්සේ ඔබට එය නැරඹිය හැකියි.
මෙම අගෝස්තු මස 25 වනදා සිට EAP මණ්ඩලයේ සිනමා ශාලා ගණනාවකදී සිංහල උපසිරැසි සහිතව ඔබට මෙම සිනමාපටය නැරඹීමට අවස්ථාව තිබෙනවා.
සැවෝයි 3D – වැල්ලවත්ත
කොන්කර්ඩ් – දෙහිවල
රීගල් සිනමා – දෙමටගොඩ
රීගල් සිනමා – යාපනය
නෙල්සන් – ත්‍රිකුණාමලය
GK සිනෙමැක්ස් – කල්මුනේ
අමුදා සිනමා – වවුනියා
මීට අමතරව එළෙඹෙන සැප්තැම්බර් මස 01 වනදා සිට කොළඹ PVR සිනමා සංකීර්ණය තුළත් Soppana Sundhari තිරගත වීම ඇරඹෙනවා.
Soppana Sundhari, Studio M3 හි නිෂ්පාදනයක්!
Written by Kavinu Weerakkody