ශ්‍යාම් රඟන Ponniyin Selvan, පරිච්ඡේද දෙකක් ලෙසින් නිකුත් වෙයි.
Mani Ratnamගේ අධ්‍යක්ෂණය යටතේ නිකුත් වෙන්නට නියමිත Ponniyin Selvan සිනමාපටය මෙතෙක් ඉන්දියානු සිනමා ඉතිහාසයේ දැවැන්තම star cast එකක් යොදාගෙන නිර්මාණය වෙන චිත්‍රපටියක්. හින්දි, දමිළ, තෙළෙඟු, මලයාලම් ආදී ප්‍රාන්ත ගණනාවක ප්‍රමුඛම පෙළේ නලු නිළියන් රාශියක් මෙයට එකතු වී සිටිනවා. Vikram, Aishwarya Rai, Jayam Ravi, Karthik, Trisha වැන්නවුන් අතරේ සිනමාපටයෙහි එක් උපප්‍රධාන චරිතයකට ලාංකීය ශිල්පියෙක්ටත් අවස්ථාව ලැබුණා. ඔහු තමයි ශ්‍යාම් ප්‍රනාන්දු.
Ponniyin Selvan ගැන කතාබහක් නැවතත් කරළියට ආවේ පහුගිය දිනෙක ඔවුන් චිත්‍රපටයේ පළමු title පෝස්ටරය නිකුත් කිරීමත් සමඟයි. චිත්‍රපටය කොටස් දෙකකට තිරගත වේ යැයි කලක සිට කටකතා තිබුණත් ඒ ආරංචියත් හරියටම තහවුරු වුණේ මේ පෝස්ටරය නිකුත් කළාට පස්සෙයි. චිත්‍රපටය කොටස් දෙකක් ලෙසින් තිරගත වන බවටත්, එහි පළමු කොටස 2022 වසරේදී අපට දැකගත හැකි බවටත් නිෂ්පාදකයින් තහවුරු කළා.
මේ වනවිටත් 70%ක පමණ රූපගත කිරීම් ප්‍රමාණයක් අවසන් වී ඇති බවයි බොහෝ දෙනෙක් පවසන්නේ. ඉන්දියාවේ කොරෝනා වසංගත තත්වය නිසා shootings නැවතිලා තිබුණත්, සීමා ලිහිල් කළාට පසු පොන්ඩිචෙරි ආශ්‍රිතව නැවතත් වැඩ අරඹන්න ඔවුන් බලාපොරොත්තු වෙන බව පැවසෙනවා. එහි දර්ශන තලයේ වැඩ නිමා වූ පසු හයිද්‍රාබාද් හිදී අවසාන රූගත කිරීම් කිහිපය සිදු කරන බවත් ඉන්දීය මාධ්‍ය වර්තා කරනවා. ප්‍රධාන චරිත 15-20 ප්‍රමාණයක් අතරේ මූලිකව ගලාගෙන යන අන්දමටයි තිර පිටපත ලියා තිබෙන්නේ. 2020 ජනවාරි මාසයේදී ආරම්භ කරපු රූපගත කිරීම් මේ තරම් කාලයක් ප්‍රමාද වුණේ කොරෝනා වසංගතයේ බලපෑම නිසයි. ඇතැම් කොටස් ලංකාවේ පවා රූපගත කරන්නට දින නියම කරලා තිබුණත් සංචාරක සීමා නිසා ඒ හැම දෙයක්ම වෙනස් වුනා.
Kalki Krishnamurthy නැමැති ලේඛකයා ලියපු නව කතාවක් පදනම් කරගෙන තමයි Ponniyin Selvan චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. චෝළ අධිරාජ්‍යයේ උච්චතම කාල සීමාවේදී රජකම් කළ පළවන රාජ රාජ චෝළ නැමැති අධිරාජ්‍යාගේ ජීවිත කතාව ඇසුරෙන් එහි කතා සාරය ගොඩ නැඟී තිබෙනවා. ඉන්දීය කෝටි 500ක පමණ අති විශාල පිරිවැයකින් නිපදවෙන Ponniyin Selvan දමිළ සිනමාපටය, ඉන්දීය සිනමා ඉතිහාසයේ වැඩිම වියදමක් දරපු චිත්‍රපට අතලොස්ස අතරටත් එකතු වෙනවලු. මෙම දැවැන්ත සිනමාපටය නිෂ්පාදනය කරන්නෙත් ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු වීම විශේෂත්වයක්. ඔහු තමයි Lyca සමූහ ව්‍යාපාරයේ සභාපති Allirajah Subaskaran. මීට පෙරත් කෝටි 500ක පමණ පිරිවැයකින් රැජිනිකාන්ත්ගේ 2.0 දමිළ සිනමාපටය නිෂ්පාදනය කළෙත් ඔහුමයි. A. R. Rahman විසින් සංගීත අධ්‍යක්ෂණය කරන මෙහි සංස්කරණ කටයුතු භාර වෙන්නේ Sreekar Prasadටයි.
Written by Nisanka Weheraduwa