රැජිණියේ – මාලිනියගේ ජීවිත කතාව සිනමාවට

Avatar Kavinu Weerakkody | April 17, 2026 4 Views 0 Likes 0 Ratings

4 Views 0 Ratings Rate it

හෙළ නිළි රැජින, ආචාර්ය මාලිනී ෆොන්සේකාගේ, ජීවිත කතාවේ අපූර්ව සිද්ධීන් පාදක කොටගෙන නිර්මාණය කෙරෙන “රැජිණියේ” චිත්‍රපටයේ මූලික කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා.

මෙහි පළමු සාකච්ඡා සිනෙස්ටාර් කලා පදනමේ මූලිකත්වයෙන් පසුගියදා සිදුවුනා.

මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට සෙනාලි ෆොන්සේකා, දමිත් විජේතුංග, ක්ලීටස් මෙන්ඩිස්, වසන්ත කුමාරවිල, චන්දික නානායක්කාර, ජනිත් වික්‍රමගේ ඇතුලු මෙරට ජනකාන්ත නලු නිලියන් රැසක් එක් වී සිටිනවා.

චිත්‍රපටයේ තිර පිටපත සම්බන්ධයෙන් කටයුතු කරන්නේ එදා රෑ, ධර්ම යුද්ධය 2, සුරදෙටුවෝ, සිංහාවලෝකනය ඇතුලු චිත්‍රපට පිටපත් රැසක් රචනා කළ සුනෙත් මාලිංග ලොකුහේවා විසිනි.

රැජිණියේ, සිනෙස්ටාර් කලා පදනම වෙනුවෙන් ජයන්ත ධර්මදාස විසින් නිෂ්පාදනය කරනු ලබනවා.

නුදුරේදීම එහි රූපගත කිරීම් ආරම්භ වීමට නියමිතයි.

Share

4 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.