ශ්‍රී ලාංකිකයින් දෙදෙනක් දකුණු ඉන්දියානු සිනමාවට.

Avatar Nisanka Weheraduwa | January 29, 2021 193 Views 0 Likes 0 Ratings

193 Views 0 Ratings Rate it

සටහන : උදිත ලක්මාල්
ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු දකුණු ඉන්දියානු සිනමාපටයක ප්රධාන චරිතවලට තෝරා ගැනෙයි.
අතිශය ජනාදරයට පත් ඇන්ඩ්රොයිඩ් කුන්ජප්පන් වර්ෂන් 5.25″ (Android Kunjappan Ver 5.25) නම් වූ මලයාලම් සිනමාපටය පාදක කොට ගනිමින් දමිළ බසින් ප්රති නිර්මාණය කරන (re-make) “ගූගල් කුට්ටප්පන්” (Google Kuttappan) නම් කොලිවුඩ් චිත්රපටයේ ප්රධාන චරිත ද්විත්වයකට ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු තෝරාගෙන ඇත.
ඒ අනුව තර්ෂන් ත්යාගරාජා (Tharshan Thiyagarajah) හා ලොස්ලියා මරියනේෂන් (Losliya Mariyanesan) යන ශ්රී ලාංකේය රංගන යුවළ “ගූගල් කුට්ටප්පන්” චිත්රපටයේ රංගනයට එක් වේ.
යාපනයේ ශාන්ත ජෝන්ස් විද්යාලයේ ආදි සිසුවකු වන තර්ෂන්, 2014 වර්ෂයේදී “Mr. Sri Lanka for Mister International” කිරුළ දිනා ගැනීමට සමත් විය. ත්රිකුණාමලයේ මෙතෝදිස්ත බාලිකා විද්යාලයේ සහ පේරාදෙණිය සරසවියේ ආදී ශිෂ්යාවක වන ලොස්ලියා ශක්ති ටීවී නාලිකාවේ හිටපු නිවේදිකාවකි. මෙම දෙදෙනාම දකුණු ඉන්දියාවේ අතිශය ජනප්රිය “Bigg Boss” නම් වූ රූපවාහිනී රියැලිටි වැඩසටහන නියෝජනය කළ තරඟකරුවන් වේ.
මීට පෙර ජැක්සන් ඇන්තනී හා පියුමි හංසමාලි (Lucknow -2021 තිරගත වීමට නියමිත) මලයාලම් චිත්‍රපටයකට රංගනයෙන් දායක වී තිබේ. ඉන් පසුව, ශ්රී ලාංකේය නළු-නිළි යුවළක් මුළුමනින්ම ශ්රී ලංකාවෙන් එපිට රූපගත කරන ඉන්දියානු සිනමාපටයක ප්රධාන චරිතවලට තෝරාගත් පළමු අවස්ථාව මෙය වේ.
චිත්රපටයේ වැඩ ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන සමප්‍රදායානුකුල ආශිර්වාද පූජාව අද ඉන්දියාවේ චෙන්නාහිදී, චිත්රපටයේ ප්රධාන නළු නිළියන් හා කාර්මික ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි
Share

193 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.