ශාරුක් ඛාන් ලංකාවට එන්නද හදන්නේ? – අවසන් සංචාරයේදී බෝම්බ ප්‍රහාරයක්
බොලිවුඩයේ සදාතනික ආදරවන්තයා, ශාරුක් ඛාන් ලංකාවට එන ආරංචියක් ගැන සමාජ මාධ්‍යවල හැමතැනම පැතිරිලා.
හින්දි සිනමා රසිකයින් වගේම මෙරට සිනමා ලෝලීන් හැමදෙනාමත් ශාරුක් ඛාන්ගේ ලංකා සංචාරයේ මේ පුවත පිළිබඳව බොහොම නොඉවසිල්ලෙන් තමයි ඉන්නේ.
පැවසෙන අන්දමට ශාරුක් මේ විදිහට ලංකාවට එන්නේ කොළඹ ප්‍රදේශයේ අලුතෙන්ම ඉදි කළ සාප්පු සංකීර්ණයක් විවෘත කරන්නයි. මේ ආරංචිය තවමත් නිල වශයෙන් තහවුරු නොවුනත් ශාරුක්ගේ රසික රසිකාවියන් නම් දැනටමත් ඔහුව සියැසින් දැකගන්නට මඟ බලාගෙන ඉන්නේ…
කොහොම නමුත් ශාරුක් ඛාන් ලංකාවට එන පළමු අවස්ථාව නම් මෙය නෙමෙයි. මීට වසර 20කට පෙර දැවැන්ත සංගීත ප්‍රසංගයක් සඳහා ඔහු ලංකාවට පැමිණියත් එය කෙළවර වුනේ හරිම අවාසනාවන්ත සිද්ධියකින්.
2004 වසරේ දෙසැම්බර් 11 වනදා ‘The Temptation’ නමින් ශාරුක් ඇතුලු බොලිවුඩ් නලු නිලියන් පිරිවරාගෙන දැවැන්ත ප්‍රසංගයක් කොළඹදී පැවැත්වුනා. නමුත් නොසිතූ අන්දමට මෙම ප්‍රසංගයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුනු අතර එයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුනා.
ඔවුන් අතරෙන් එක් කාන්තාවක් මාස දෙකක ගැබිණියක් බවටත් සඳහන් වනවා.
තවත් 17 දෙනෙකුට පමණ තුවාල සිදුවුනා. මේ අවාසනාවන්ත සිද්ධියත් සමඟ ඒ මොහොතේම ප්‍රසංගය නවතා දමන්නට ආරක්ෂක අංශ පියවර ගත්තා. ශාරුක් ඛාන් ලංකාවට පැමිණි අවසාන වතාවේ සිදු වුනු අවාසනාවන්ත සිද්ධිය තමයි ඒ! ඊට පසුව මෙරට කිසිම ප්‍රසිද්ධ උත්සවයකට ශාරුක් සම්බන්ධ වුනේ නැහැ.
කොහොම නමුත් ඊට වසර 21කට පසු නැවතත් ශාරුක් ඛාන් ලංකාවට පැමිණෙන්නට දැන් සූදානමින් සිටිනවා.
තමන්ගේ ප්‍රියතම සිනමා තාරකාව හැබැහින් දැකගන්නට බලා සිටින මෙරට ශාරුක් ඛාන්ගේ රසිකයින්ට නම් මෙය බොහොම අපූරු අවස්ථාවක් වේවි!!
Written by Kavinu Weerakkody