අගමැති රනිල් පද්මාවතී ලංකාවට ගෙන්වයි

Avatar Nisanka Weheraduwa | January 13, 2018 86 Views 0 Likes 0 Ratings

86 Views 0 Ratings Rate it

ජනප්‍රිය බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ Sanjaya Lila Bansali  විසින් අධ්‍යක්ෂණය කළ පද්මාවතී සිනමාපටය ඉමහත් ආන්දෝලනයකට ලක්වුණු සිනමා පටයක්. පසුගිය දෙසැම්බර් මස නිකුත් කිරීමට සුදානම් වූ සිනමාපටය දැඩි ජනතා විරෝධය හේතුවෙන් ප්‍රදර්ශන තහනමකට ලක් කෙරුනා. ජනවාරි මස 25 වැනිදා එය නැවත තිරගත කිරීමට සැලසුම් කලත් යලිත් වරක් ප්‍රදර්ශනය කල් දැමීමට සිදුව ඇත්තේ යළි ජනතා විරෝධයන් එල්ල වීම හේතුවෙනුයි. එරට වාරණ මණ්ඩල කාර්යාලය ඉදිරිපිට ජනතා උද්ඝෝෂණ පැවතුනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කොට තිබුනා. කෙසේ නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන දිනට සමගාමිව එදිනම ශ්‍රී ලංකාවේ විශේෂ දර්ශනයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා ඇති බවත් සඳහන්. ශ්‍රී ලංකා රැඟුම් පාලක මණ්ඩලයෙන් අග්‍රාමාත්‍යවරයා කරන ලද ඉල්ලීමකට අනුව පද්මාවතී චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කෙරෙන දිනම විශේෂ දර්ශනයක් ශ්‍රී ලංකාවේද පැවැත්වෙනු ඇති. ඒ සඳහා විශේෂ ආරාධිත ප්‍රභූන් පිරිසක් සහභාගී වනු ඇතැයිද සඳහන්. රැඟුම් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ Banzali සමග සාකච්චා කොට ඇති බවත් ඔහු ඒ සඳහා එකඟත්වය පලකොට ඇති බවත් තොරතුරු වාර්තා වනවා. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පද්මාවතී සිනමාපටය ඉන්දියාවට සමගාමිව ශ්‍රී ලන්කාවෙද තිරගත වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

Share

86 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.