අයිතිය උදෙසා කලාව – පස් දිනක් පුරා කොළඹදී
Amnesty International south asia ආයතනය දකුණු ආසියාතික කලාපයේ මානව හිමිකම් වෙනුවෙන් වැඩකටයුතු කරන කිසිදු රජයකින් ප්‍රතිලාභ ලබා නොගන්නා ආයතනයක්. ලොව පුරා මිලියන 7කට අධික සාමාජික ප්‍රජාවක් සිටින මෙම ආයතනය යුක්තිය ආසාධාරණය සිදුවන අවස්ථාවන්හි වින්දිතයින් වෙනුවෙන් සිය සහය ලබාදීම සිදුකරනවා.
Art for Rights තේමාව යටතේ ඔවුන් මෙවර කලා උළෙලක් සංවිධාන කිරීමට කටයුතු යොදා තිබෙනවා. දින පහක් පුරා කොළඹදී මෙම උළෙල පැවැත්වෙනු ඇති. කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට තිරගත කිරීම්, විවිධ කලා නිර්මාණ, චායාරූප ප්‍රදර්ශන, නර්ථන අංග, සංගීතමය නිර්මාණ ආදිය මෙම උළෙලට ඇතුළත්. ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාතික වෙනත් රටවලින් පැමිණෙන කලාකරුවන් සිය නිර්මාණ මෙහි ඉදිරිපත් කිරීමට නියමිතයි.
පකිස්තානයේ Salam චිත්‍රපටයත්, A letter to the president චිත්‍රපටය ඇෆ්ගනිස්තානයෙන්, බංග්ලාදේශයේ Under Construction, ඉන්දියාවේ Court සහ නේපාලයේ White sun යන චිත්‍රපට මෙම උළෙලේදී තිරගත වනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ කලාකරුවන් වන කුමාරි කුමාරගමගේ, ගයත්‍රී කේමදාස, වෙනුරි පෙරේරා, පතිතවන් කදිරේසන්, ප්‍රියංකර රත්නායක, ජෙයශන්කර් ශිවඥානම්, රන්ජන් ප්‍රනාන්දු, මොහොමඩ් සෆීර්, රෝයි රුද්‍රිගෝ, යන ය මෙම උළෙලේ සිය නිර්මාණ ඉදිරිපත් කරනවා.
Ali Aftab කණ්ඩායම පකිස්තානයෙන්, ඇෆ්ගනිස්තානයෙන් Artloards, නේපාලයෙන් Urmila Chaudhari, මාලදිවයිනේ Dhahua Naseem, යන විදෙස් කලාකරුවන් සහ ශහිදුල් අලාම්ගේ චායාරූප ප්‍රදර්ශනයක්ද මෙම කලාඋළෙලට ඇතුළත්.
දෙසැම්බර් 05 වැනිදා සිට 09 වැනිදා දක්වා මෙම උළෙල ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම වැඩසටහනට සම්බන්ධ වන ලෙස, Amnesty International සැමට ඇරියුම් කොට සිටිනවා.
Written by Nisanka Weheraduwa