ඉරාන මාසික සිනමා දැක්ම ජූලි 25 වැනිදා කොළඹදී
ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව සංවිධාන කරන මාසික ඉරාන සිනමා දැක්ම මෙවරත් පැවැත්වෙනවා. ජූලි මස 25 වැනි බ්‍රහස්පතින්දා සවස 5.30ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී මේ සිනමා දැක්ම පැවැත්වෙනු ඇති. 2015 වසරේ නිර්මාණය කෙරුණු Crazy Castle චිත්‍රපටය මෙවර තිරගත කෙරෙනවා.
Crazy Castle නැතිනම් Rokhe Divaneh චිත්‍රපටය ඉරානයේදී නිර්මාණය වන්නේ 2015 වසරේ. Abolhassan Davoodi අධ්‍යක්ෂණය කරන මේ නිර්මාණයට තිර රචනයෙන් ඔහු සමග එක්වන්නේ Mohammad Reza Gohari. Drama, thriller ශානරය යටතට චිත්‍රපටය වර්ගීකරණය කොට තිබෙනවා. Audience favorite film කාණ්ඩය යටතේ Crystal Simorgh සම්මානය ලබාගැනීමට මේ චිත්‍රපටයට හැකියාව ලැබුනා. පැයකුත් මිනිත්තු 50ක ධාවන කාලයකින් යුතු මේ සිනමාපටයට Tannaz Tabatabaei, Nazanin Bayati, Amir Jadidi, Saed Soheili, Saber Abbar ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.
Written by Nisanka Weheraduwa