ඉරාන සිනමා දැක්ම – අප්‍රේල් කලාපය 25 වැනිදා

Avatar Nisanka Weheraduwa | April 16, 2019 88 Views 0 Likes 0 Ratings

88 Views 0 Ratings Rate it

ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව ඉරාන මාසික සිනමා දැක්මක් පවත්වනවා. ඉරාන සිනමාවේ සුවිශේෂී සිනමාපට මෙරට ප්‍රේක්ෂකයන්ට සමීප කරවීමේ අරමුණින් මේ සිනමා දර්ශනය සෑම මසකම සංවිධාන කෙරෙනවා. අප්‍රේල් මාසය සඳහා වන චිත්‍රපට දැක්ම පැවැත්වීමට මේ වනවිට සියල්ල සූදානම්.

අප්‍රේල් 25 වැනිදා බ්‍රහස්පතින්දා සවස 5.30ට මේ චිත්‍රපට දර්ශනය පැවැත්වෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී සුපුරුදු පරිදි චිත්‍රපටය තිරගත කෙරෙනවා. මෙවර තිරගත වන චිත්‍රපටය Crazy Rook. නැතිනම් Rokhe Divaneh ලෙස ඉරාන බසින් හඳුන්වන 2015 වසරේ නිර්මාණය වුනු චිත්‍රපටයයි. Abolhassan Davoodi විසින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. 25 වැනිදා සවස 5.30 සිට මෙම සිනමා අත්දැකීම විඳගැනීමට එක්වන ලෙස ඉරාන සංස්කෘතික ආයතනය ඇරියුම් කරනවා.

 

Share

88 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.