ඉරාන සිනමා දැක්ම සහ සංවාද මණ්ඩපය
ඉරාන සංස්කෘතික ආයතනය සංවිධාන කරන මාසික සිනමා දැක්ම සහ සිනමා සංවාද මණ්ඩපය මෙවරත් සංවිධානය කොට තිබෙනවා. කොළඹ 03, ශ්‍රී අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි ඉරාන සංස්කෘතික ආයතනයේදී මේ සිනමා දැක්ම පැවැත්වෙනවා. දෙසැම්බර් මස 28 වැනී බ්‍රහස්පතින්දා මේ සිනමා දැක්ම පැවැත්වෙනු ඇති. Behruz Afkhami විසින් අධ්‍යක්ෂණය කළ Azar Shahdokht Parvis and Others සිනමාපටය මේ සිනමා දැක්මේදී ප්‍රදර්ශනය කෙරෙනවා. සිනමා සංවාද මණ්ඩපය ධනුෂ්ක ගුණතිලකගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙනු ඇති. සිනමාලෝලි සැමට මේ සඳහා සහභාගී වන ලෙස ඉරාන සංස්කෘතික ආයතනය ඇරියුම් කරනවා.
Written by Nisanka Weheraduwa
