උදාරි වර්ණකුලසූරිය දමිළ සිනමාවට එක්වෙයි
මෙරට ජනප්‍රිය සිනමා නිලියක වන උදාරි වර්ණකුලසූරිය පළමු වරට දමිළ චිත්‍රපටයකට රංගනයෙන් එක්වීමට නියමිතව තිබෙනවා.
චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා යාපනයේදී පැවැත්වූ අතර උදාරි වර්ණකුලසූරිය එහි රංගනයෙන් දායක වීමට නියමිතව තිබෙන්නේ දාම ඝාතකයෙකුගේ (serial killer) චරිතයක් සඳහායි.

රටවල් කීපයකම රූපගත කිරීම් සිදුවන මෙම සිනමාපටයේ කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදු කරන්නේ යාපනයේ වෙසෙන දමිල අධ්‍යක්ෂවරයෙක් වන ලී මුරලි විසිනි. විදෙස් නිෂ්පාදනයක් වන මෙම සිනමාපටයට තවත් දමිළ නලු නිලියන් රැසක් එක්වීමට නියමිතයි.
මේ දිනවල සාර්ථකව තිරගත වන වයිෆ් (The Wife) චිත්‍රපටයටත් උදාරි වර්ණකුලසූරිය රංගනයෙන් එකතු වනවා. හේමාල් රණසිංහ සමඟින් රංගනයෙන් එක් වන වයිෆ් චිත්‍රපටය ශමීර නාඔටුන්නගේ අධ්‍යක්ෂණයක්!
Written by Kavinu Weerakkody
