VIDEO: කත්‍රිනා කායිෆ්ට අභියෝගයක්
ඒක් තා ටයිගර් චිත්‍රපටයේ රංඟනය එතරම් විශේෂිත චරිතයක් නොවූවත් කත්‍රිනාගේ මීලඟ චිත්‍රපටයේ රංඟනය නම් විශිෂ්ඨ රංඟනයක් වනු ඇති බවයි බොහෝ දෙනාගේ මතය. එම චිත්‍රපටය Knight And Day හොලිවුඩ් චිත්‍රපටය අනුකරණය කරමින් නිපදවීමට නියමිත හින්දි චිත්‍රපටයි. මේ චිත්‍රපටයේ Tom Cruise විසින් රඟපෑ චරිතයට පණ පොවන්නේ රිතික් රෝෂන් විසිනි.
එමෙන්ම Knight And Day චිත්‍රපටයේ Cameron Diaz විසින් රඟපෑ චරිතයට කත්‍රීනා සුදුසු බව තීරණය කොට ඇත්තේ හින්දි චිත්‍රපටයේ අධ්‍යක්ෂක Siddharth Anand විසිනි. කෙසේ වෙතත් තවමත් නමක් තීරණය කොට නොමැති මෙම චිත්‍රපටය ලබන වසරේ මුල්භාගයේ දී තිරගත වීමට නියමිත අතර Fox Star India නිෂ්පාදනයකි.
කෙසේ නමුත් මුලදී මෙම රංඟනය පිළිබඳව කත්‍රිනා දෙගිඩියාවකින් සිටි නමුත් අවසානයේ ඇය යෝජනාවට කැමැත්ත පළ කොට ඇත. මීට පෙර කත්‍රිනා හා රිතික් රංඟනයෙන් දායක වූ සෝයා අක්තර්ගේ Zindagi Na Milegi Dobar චිත්‍රපටය අති සාර්ථක චිත්‍රපටයක් වූ අතර එම යුවල තරුණ තරුණියන්ගේ සිත් ඇද බැඳ ගැනීමට සමත් විය.
Cameron Diazගේ රංඟනයට අභියෝග කිරීමට කත්‍රිනාට හැකියාව ලැබේ ද?
Written by Cinema.lk