කොටුවැල්ල ලංකාවට ඇවිත්
ගම්පෙරළිය ටෙලි වෘතාන්තයේ පියල් ලෙසින් රංගනයේ පෙළහර පෑ වසන්ත කොටුවැල්ල අති දක්ෂ රංගන ශිල්පියෙක්. 1980 දී ධර්මසිරි බණ්ඩාරනායකගේ තුන්වැනි යාමය සිනමා පටයෙන් සිනමාවට අත්පොත් තැබු ඔහු ටෙලි නාට්‍ය,සිනමාව ද සේම වේදීකාවේද කැපී පෙනෙන චරිතයක් විය.
තුන්වැනි ඇස, දෙව්දුව, සර්කස් ඔන් ද මූන් වැනි චිත්‍රපටවලටත්, සුබ ප්‍රාර්ථනා, ගම්පෙරළිය, චරිත තුනක්, සුර අසුර, ගිණිගත් රැයක්, සංසාර මන්දිර, සද්ගුණාකාරය වැනි ටෙලි නිර්මාණයන් හි කැපී පෙනෙන රංගනයන් සිදු කළ ඔහුගේ දක්ෂතා මෑත භාගයේදී දක්නට ලැබුනේ නැ. කාලයක් තිස්සේ කිසිම නිර්මාණයකට එක් නොවුණ වසන්ත පසුගිය අවුරුදු හතරක් පමණ කාලයක් තිස්සේ හිටියේ විදෙස් ගතවෙලා. එහෙත් පසුගිය දවසක නැවත ඔහු නැවත සිය රටට පැමිණියා.
”අවුරුදු හතරක විතර කාලයක් මම ලංකාවෙන් බැහැර වෙලයි හිටියේ. ඒ පර්යේෂණ නිබන්ධනයකට
අප රටේ සිය දිවි නසා ගැනීම් වැඩියි. මෙමගින් අහිමි වන්නේ රටේ ජාතික සම්පත්. විදෙස් ගත වෙන්න කලින් මම කළේ සියදිවි හානි කර ගැනීම් නැති කර ගැනීමට හා මානසික දියුණුව ඇතිකර ගැනීම සඳහා මිනිසුන්ට දේශන හා මාර්ගෝපදේශකයකු විදිහට කටයුතු කළ එක. ඒ හරහා විශාල සේවයක් මම කළා.
ඉදිරියේදිත් මගේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා
ඒ පිළිබඳ දැනුවත් කරන්න වගේම සිනමාව පිළිබඳ දේශකයකු විදිහට කටයුතු කරන්න.
කාලෙකින් රංගනයෙන් කිසිම රංගනයකට මම සම්බන්ධ වුණේ නැහැ. නැවත රංගනයෙන් එක්වෙන්නත් මගේ ඒතරම්ම බලාපොරොත්තුවක් නැහැ.
මේ වසන්තගේ ලිපිනය
අංක 45,පාසිහේන පාර, වරාගොඩ,
කැලණිය
Written by Cinema.lk A
