ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක නාලක වෙදමුල්ල මහතා අභාවප්‍රාප්ත වේ.

Avatar Cinema.lk A | October 1, 2012 71 Views 0 Likes 0 Ratings

71 Views 0 Ratings Rate it

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක නාලක වෙදමුල්ල මහතා අභාවප්‍රාප්ත වී ඇත.

අද (01) උදෑසන මහරගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් නාලක මහතා මිය ගිය බව පොලීසිය පවසයි.

නාලක මහතා ගමන් ගත් කාර් රථය තවත් කාර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මිය යන විට ඒ මහතා 36 වන වියේ පසුවිය.

මිය ගිය අධ්‍යක්ෂකවරයාගේ මෘත දේහය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

නාලක මහතා විසින් බහිරව කන්ද, සරා, ඉටිමල් වැනි ටෙලි නාට්‍ය කිහිපයක් අධ්‍යක්ෂණය කොට තිබිණි.

Share

71 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.