මීළඟට සිරි පැරකුම්…
සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය එකමුතුව,දඹදෙණි රාජධානියේ විසු දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ළමා කාලයේ සොඳුරු ඉසවු අළලා සිනමා පටයක් නිර්මාණය කිරීමට සැරසේ.සිරි පැරකුම් ලෙස නම් තබා ඇති මෙම චිත්‍රපටයේ පළමු වැඩ කටයුතු කොළඹ ලයිට් හවුස් හෝටලයේ දී ඉතා චාම් අයුරින් පැවැත්විණි.
දඹදෙණිය අවට ප්‍රදේශයන් හී රූගත කිරීම් සිදු කෙරන සිරි පැරකුම්බා ඔස්සේ පෙර නිර්මාණයන්හි සේම නවක නළු නිළියන් කැලක් හඳුන්වා දීමට නියමිතය.සෙනාලි ෆොන්සේකා,අකිල ධනුද්ධර හා සිනේති අකිලා අළුතින් හෙළ සිනමාවට එක්වන ඒ තාරකාවන්ය.
සිරි පැරකුම්හි සෙසු ප්‍රධාන නළු නිළි පිරිස වශයෙන් බිමල් ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න, ජයනි සේනානායක, ගිරිරාජ් කෞශල්‍ය, සම්පත් තෙන්නකෝන්, දමයන්ති ෆොන්සේකා, ජයන්ත මුතුතන්ත්‍රි, ලලිත් ජනකාන්ත, රිටිගල සුමේධ, අශාන් ඩයස් සිටින්නේය.
පාලිත පෙරේරා කැමරා අධ්‍යක්ෂණයෙන් ද, හීනටිගල ප්‍රේමදාස කලා අධ්‍යක්ෂණයෙන් ද, රිටිගල සුමේධ සටන් අධ්‍යක්ෂණයෙන් ද දායක වන මෙහි සත්සර රටා රෝහණ වීරසිංහගෙන්ය. නාරද ධනංජි තොටගමුව අංග රචනා ශිල්පියාය. වස්ත්‍රාභරණ නිර්මාණය වෙනුක වික්‍රමආරච්චිගෙන්ය. අශෝක ආතාවුදහෙට්ටිගේ අංග රචනයකි
Written by Cinema.lk A
