සෙනසුරු මාරුව ඔක්තෝබරයේ.

Avatar Cinema.lk A | September 27, 2012 69 Views 0 Likes 0 Ratings

69 Views 0 Ratings Rate it

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන උදයකාන්ත වර්ණසුරියගේ නවතම සිනමා සිතුවම ඔක්තෝබර් මස 11 වන දා පටන් E.A.P මණඩලයට අයත් සිනමා ශාලාවන් හී තිරගත කිරීමට නියමිතව ඇත.සෙනසුරු මාරුව ලෙස නම් තබා ඇති මෙම චිත්‍රපටය නෞකාවක සේවය කළ මිතුරන් දෙදෙනෙකු වටා ගෙතී ඇති ත්‍රාසජනක චිත්‍රපටයකි.

ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ තිර පිටපතක් වන මෙය ලකී ඩයස්, චන්න පෙරේරා, ශේෂාද්‍රි, බුද්ධික ජයරත්න, නදීකා ගුණසේකර, කාන්ති ලංකා, ඉන්දික ගිනිගේ, තරික් රහීම්, ධනවර්ධන ගුරුගේ, නිමල් ඇන්තනී, අජිත් වීරසිංහ, ටිරෝන් මයිකල්, සේනක විජේසිංහ, සම්පත් ජයවීර, පණ්ඩුක ශ්‍රී දයාන්, සුදේශ් වසන්ත පීරිස්, ගාමිණී විජේසිංහ, විශාඛා ජයවීර, නන්ද වික්‍රමගේ, රයන් වැන්රොවන්, ජයතිස්ස අතුලසිරි, ජිහාඩ් අල් සජන්, මොහොමඩ් අලි රජාබ්, තුෂාර ප්‍රගීත් සහ නතාෂා අමේන්දා යන නළු නිළියන්ගෙන් හැඩ වේ.

කැමරා අධ්‍යක්ෂණයෙන් කේ. ඩී. දයානන්ද, සංස්කරණයෙන් ප්‍රවීන් ජයරත්නද, සහය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රියද,කලා අධ්‍යක්ෂණයෙන් වෙලේගෙදර රණසිංහ ද,අංග රචනයෙන් වසන්ත විට්ටච්චි ද දායක වන සෙනසුරු මාරුවහි සංගීතය ඩිලන් ලෑම්බ්ගෙනි. ඇඳුම් පැළඳුම් ශාන්ති වර්ණසූරිය නිර්මාණය කොට තිබේ. නිෂ්පාදන කළමනාකරණය දීප්ති වීරසූරියගෙනි.සටන් අධ්‍යක්ෂණය ටෙඩී විද්‍යාලංකාරගෙනි.

නියුබියන් ෆිල්ම්ස් වෙනුවෙන් අජිත් ප්‍රියන්ත, ප්‍රවීන් ජයරත්න, රංජිත් ජයසූරිය සමඟ උදයකාන්ත වර්ණසූරිය සෙනසුරු මාරුව නිෂ්පාදනය කොට තිබේ

Share

69 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.