එඩ්වඩ් ජයකොඩිගේ දියණිය සාරාණ්‍යා, ඉරානයේ ළමා චිත්‍රපට උළෙලට

Avatar Cinema.lk | September 27, 2012 139 Views 0 Likes 0 Ratings

139 Views 0 Ratings Rate it

ෆැරැබි ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙල සඳහා ජූරි සභිකයන් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී යුවළගේ දියණිය වන සාරණ්‍යා ජයකොඩි සහ ස්ටෙෆන් ෆර්ඩිනන්ස් හට හිමි වී ඇත. සෝමරත්න දිසානායකගේ ‘සිරි රජ සිරි’ චිත්‍රපටයේ ප්‍රධාන ළමා නිළි චරිතයට පණ දුන් සාරණ්‍යා උදයකාන්ත වර්ණසූරියගේ හිරිපොද වැස්ස චිත්‍රපටයේ සහ නාලන් මෙන්ඩිස්ගේ ‘සූරිය දරුවෝ’ සහ ‘ඉසුරු සංග්‍රාමය’ ටෙලි නාට්‍යවලට ද රංගනයෙන් දායක වූවාය.

වසරක් පාසා ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත්වෙන මෙම ලෝක ළමා චිත්‍රපට උළෙල සඳහා ශ්‍රී ලංකාව නියොජනය කරමින්  මීට පෙර සහභාගී වීමට නිත්‍යවානී කන්දසාමී, ප්‍රමුදි කරුණාරත්න, සරලා කාරියවසම්, තාරක හෙට්ටිආරච්චි සහ සඳලි වැලිකන්න වරම් ලැබූහ. මෙවර ෆැරැබි ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙල ඔක්තෝබර් 04 වැනි දා සිට 15 වැනි දා දක්වා ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත්වේ.

Share

139 Views 0 Ratings Rate it

Written by Cinema.lk


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.