කමිලගේ HOPE, ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලකට
කමිල මේදිස් නිර්මාණය කළ HOPE කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලක තරගකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලබා තිබෙනවා. 2nd Ahmednagar International Film Festival හි මෙම කෙටි චිත්‍රපටය තරගකාරී අංශය යටතේ තිරගත කොට තිබෙනවා. කමිල මේදිස් මෙම චිත්‍රපටය නිර්මාණය කලේ ඔහුගේ උසස් අධ්‍යාපනය සඳහා වන පැවරුමක් ලෙසින් බව ඔහු පවසා තිබුනා.
“මම දැනට මුම්බායි වල FX-Film School එකේ ඉගෙන ගන්නවා. college එකේ පැවරුමක් විදිහට තමයි මම Hope කියන මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කලේ. පුතාගෙන් ඇමතුමක් එනකල් බලන් ඉන්න අම්මෙක් වටා මේ කතාව ගොඩනැගෙනවා. අන්තිමේ ඇයට හමුවන පුංචි බලු පැටවෙක් ඇයට ජිවත් වෙන්න තියෙන එකම බලාපොරොත්තුව බවට පත් වෙනවා. මේක ගොඩනැගෙන්නේ බල්ලාගේ voice over එකක් විදිහට” යනුවෙන් කෙටි චිත්‍රපටය ගැන කමිල, අදහස් පලකළා.
මිනිත්තු 03ක ධාව කාලයකින් යුතු මේ කෙටි චිත්‍රපටය, සංකල්පය, පිටපත, කැමරාකරණය සහ සංස්කරණය ඇතුළු සියල්ල කමිල විසින්ම සිදුකොට තිබෙනවා. විධිමත් කැමරා, කැමරා උපකරණ, නළු නිළියන් කිසිවක් මේ සඳහා භාවිත නොකළ බව කමිල පැවසුවා. කෙසේ නමුත් එලෙස විෂය පැවරුමක් වශයෙන් නිර්මාණය කළ, මේ කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් නියෝජනය කිරීම පිලිබඳ තමන් දැඩි ලෙස සතුටට පත්වන බවද කමිල මේදිස් ප්‍රකාශ කළා.
Written by Nisanka Weheraduwa