ක්ලැරන්ස් දින 50යි – හවුස්ෆුල් shows 550යි! ආදායම් වාර්තා පිහිටුවමින් රජ ගමනේ!

Avatar Kavinu Weerakkody | August 17, 2025 138 Views 0 Likes 0 Ratings

138 Views 0 Ratings Rate it

දමිත් විජේතුංග සහ නිහාරි පෙරේරාගේ ප්‍රධාන රංගනයෙන් හැඩවන, ක්ලැරන්ස් සිංහල චිත්‍රපටය විජයග්‍රාහී දින 50 පසු කරමින් අති සාර්ථකව තිරගත වනවා.

මෑතකාලයේදී වැඩිම රසික ආකර්ෂණයක් දිනාගත් ලාංකීය චිත්‍රපටය වන්නේත් ක්ලැරන්ස් සිනමාපටයට බව රහසක් නොවෙයි!

තවත් සුවිශේෂී කරුණක් වන්නේ, මේ වනවිට ක්ලැරන්ස් සිනමාපටය තිරගත වුනු Houseful දර්ශන වාර සංඛ්‍යාව 550 ඉක්මවා තිබීමයි.

පළමු සතිය – හවුස්ෆුල් ෂෝ 29
දෙවන සතිය – හවුස්ෆුල් ෂෝ 80
තෙවන සතිය – හවුස්ෆුල් ෂෝ 92
සිව්වන සතිය – හවුස්ෆුල් ෂෝ 90
පස්වන සතිය – හවුස්ෆුල් ෂෝ 100
හයවන සතිය – හවුස්ෆුල් ෂෝ 82
සත්වන සතිය – හවුස්ෆුල් ෂෝ 85

ලාංකීය සිනමාපටයකට මෙතරම් රසික ආදරයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. නමුත් ක්ලැරන්ස් සිනමාපටය තිරගත වීම පටන් ගෙන, සති 07කට පසුව අදටත් දිවයින පුරා හවුස්ෆුල් shows රැසක් වාර්තා වනවා. මේ වනවිට, ලාංකීය ඉතිහාසයේ වැඩිම ආදායමක් ලබාගත් සිනමාපට ලැයිස්තුවටත් Rhythm of the Guitar: Clarence එකතු වී අවසානයි.

දමිත් විජේතුංග, නිහාරි පෙරේරා, සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, ධනුෂ්ක ඩයස්, චමිලා පීරිස් ඇතුලු ජනකාන්ත නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.

Rhythm of the Guitar රුවන් කොස්තාගේ කැමරාකරණයකි. යශෝද ධනුපම සංස්කරණයෙන් සහ සුරේෂ් මාලියද්ද සංගීත නිර්මාණයෙන් එක් වනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආලෝකෝ උදපාදි ඔබ වෙත ගෙනා තුසිත ජයසේන යි.

Rhythm of the Guitar සිනමාපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදු කළේ තේජා ඉද්දමල්ගොඩ විසිනුයි. නමුත් අවාසනාවන්ත අයුරින් මෙය තිරගත වන්නට පෙර ඔහු ජීවිතයෙන් සමුගත්තා. හේමාල් රණසිංහ ප්‍රධාන චරිත රඟපෑ ආශාවරී සිනමාපටයත් ඔහුගේ අධ්‍යක්ෂණයක්.

දිවයින පුරා සිනමා හල් රැසකදී ඔබට දැන් ක්ලැරන්ස් සිනමාපටය නරඹන්නට පුලුවන්.

ක්ලැරන්ස් විජේවර්ධනයන් මෙරට ස්වර්ණමය යුගයක සිංහල ගීත කලාවට වෙනස්ම මුහුනුවරක් එකතු කළ සංගීතවේදියෙක්. ඔහුගේ ගීත අදටත් එදා ලෙසින්ම ජනප්‍රියයි.

ඔබත් ඔහුගේ ගීතවල රසිකයෙකු නම්, එවන් විශිෂ්ටයෙකුගේ කතාවක් සිනමා තිරය මතින් දැකගන්නට ලැබෙන මේ අපූරු අවස්ථාව මඟහැර ගන්නට එපා!

Share

138 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.