ගැහැණු සිත් තුනක උපන් සිනමාපට තුනක්
“ගැහැණු සිත් තුනක උපන් සිනමාපට තුනක්” තේමාවෙන් ජාතික සංස්කෘතික සම්පත් මධ්‍යස්ථානය සංවිධාන කෙරෙන වැඩසටහනක් අද (මාර්තු 25 වැනිදා) කොළඹදී පැවැත්වෙනවා. මේ සෞන්දර්ය හැන්දෑව 25 වැනි සඳුදා සවස 4.00 සිට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාමර අංක 05දී පැවැත්වීමට නියමිතයි. කෙටි චිත්‍රපට තුනක් තිරගත කෙරෙන මෙම වැඩසටහනේදී ඒ පිලිබඳ සංවාදයක්ද පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා.
ලංකා බණ්ඩාරනායක නිර්මාණය කළ, ජාත්‍යන්තර සම්මාන රැසක් දිනූ The Tradition කෙටි චිත්‍රපටය, චතුමි මධුශා නිර්මාණය කළ, The Image කෙටි චිත්‍රපටය සහ නෙරංජලා කුමාරසිංහගේ My favorite colour is blue යන කෙටි චිත්‍රපට ත්‍රිත්වය මෙම වැඩසටහනේ තිරගත කෙරෙනවා. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සමග සම්ප්‍රදාය විශ්වාසය සහ නිදහස නැවත නිර්වචනය කෙරෙන සංවාදාත්මක සුන්දර හැන්දෑවක් ගෙවන්නට එක්වන ලෙස සිනමාලෝලි සැමට ජාතික සංස්කෘතික සම්පත් මධ්‍යස්ථානය ඇරියුම් කරනවා.
Written by Nisanka Weheraduwa