දෙරණ හෙට දවසේ සිනමාව – පළමු දිනය
දෙරණ සිනමා සම්මාන උළෙලට සමගාමීව පැවැත්වෙන “හෙට දවසේ සිනමාව” චිත්‍රපට උළෙල ජුනි මස 22 සහ 23 දෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා. මේ උළෙලට සමගාමිව තවත් විශේෂාංග කිහිපයක්ද පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා.
වැඩසටහනේ පළමු අංගය ලෙස හෙට උදේ 10.30ට රංගනය පිලිබඳ වැඩමුළුවක් (Masterclass in acting ) පැවැත්වෙනවා. ප්‍රවීණ රංගවේදිනි කෞශල්‍යා ප්‍රනාන්දු විසින් මේ වැඩමුළුව මෙහෙයවනු ඇති. මේ වනවිට ඒ සඳහා ලියාපදිංචිව සිටින පිරිසට හෙට දිනයේ (ජුනි 22 වැනිදා) උදේ 10.00 පමණ ඒ සඳහා සහභාගී වන ලෙස දැනුම් දීමක් සිදුකෙරෙනවා.
සවස 2.30ට චිත්‍රපට උළෙලේ පළමු චිත්‍රපට දර්ශනය පැවැත්වෙනවා. කසුන් චන්ද්‍රනාත් පතිරණ අධ්‍යක්ෂණය කළ “හුස්ම” චිත්‍රපටය උළෙලේ පළමු චිත්‍රපටය ලෙස තිරගත වනවා. යුරේනි නොෂිකා සහ කලණ ගුණසේකර රංගනයෙන් දායක වන මේ චිත්‍රපටයේ තිර රචනය කේ.කේ.ශ්‍රීනාත් චතුරංගගෙන්.
එදින සවස 4.30 සිට 5.30 දක්වා සංගීතමය වැඩසටහන් සංවිධාන කොට තිබෙනවා. පේෂල මනෝජ්, ඇන්තනි සුරේන්ද්‍ර, කාංචන කොඩිතුවක්කු සහ රවී රෝස්ටර් මේ සංගීත ප්‍රසංගයට දායකත්වය ලබාදෙනවා.
සවස 6.00ට උළෙලේ දෙවැනි චිත්‍රපටය තිරගත කෙරෙනවා. සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ “හුස්ම” චිත්‍රපටය ඒ යටතේ තිරගත කෙරෙනවා. දසුන් පතිරණ, පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චමත්කා රංගනයෙන් දායක වන හුස්ම චිත්‍රපටය වෙනස්ම තේමාවක් රැගත් අපූරු චිත්‍රපටයක් බව සඳහන්.
“හෙට දවසේ සිනමාව” සිනමා උළෙල පළමු දිනයේ මේ සියලු විශේෂාංග ප්‍රේක්ෂකයන් වෙත නොමිලේ තිලිණ කෙරෙනවා. ආසන සීමිත බැවින් කල්වේලා ඇතුව පැමිණ ඔබේ ආසනය වෙන්කරගන්නා ලෙස සංවිධායකයින් දන්වා සිටිනවා.
Written by Nisanka Weheraduwa