ධර්මයුද්ධය 2 කෝටි 25 පසු කරයි!

Avatar Kavinu Weerakkody | February 19, 2026 18 Views 0 Likes 0 Ratings

18 Views 0 Ratings Rate it

කෝටි 25කට අධික බොක්ස් ඔෆිස් වාර්තාවක් සමඟින් ‘ධර්මයුද්ධය 2’ දිවයින පුරා සිනමා හල්වල අති සාර්ථකව තිරගත වෙමින් තිබෙනවා.

මෙරට ආදායම් වාර්තා අලුත් කරමින් තිරගත වන මේ සිනමා නිර්මාණය, ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අඩුම දින ගණනකින් මිලියන 200 සීමාව පසු කළ චිත්‍රපටය ද වනවා! ධර්ම යුද්ධය 2ට ඒ සඳහා ගත වුනේ දින 17ක් පමණයි.

ප්‍රදර්ශනය ආරම්භ කර දින 10ක් ඇතුළත මිලියන 100 කඩයිම පසු කරන්නටත් මෙය සමත් වුනා.

අතීත රහස් රැසක් සමඟින් පළමු චිත්‍රපටයෙන් නිමා වූ හරිස්චන්ද්‍රගේ කතාව, යළිත් නොසිතූ මොහොතකදී ඔවුන්ගේ ජීවිතයට කඩා වදිනවා. පියෙකු සහ ස්වාමි පුරුෂයෙකු ලෙසින් තමන්ගේ පවුල ආරක්ෂා කිරීමට මෙවර හරිස්චන්ද්‍රෙග් උපක්‍රමය කුමක්ද?

මේ ගැන දැන ගන්නට නම් ඔබට ධර්මයුද්ධය 2 නරඹන්නටම සිදු වනවා…

මුල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ජැක්සන් ඇන්තනි මහතාගේ අභාවයත් සමඟින් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ මෙරට දක්ෂ චරිතාංග නලුවෙකු වන බිමල් ජයකොඩි විසිනුයි. දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා, විනුමි වන්සදී, කුමාර තිරිමාදුර, කුසුම් රේණු, ඩග්ලස් රණසිංහ ඇතුලු මුල් චිත්‍රපටයේ නලු නිලියන් රැසක් මෙහිදී නැවතත් තම චරිතවලට පණ දෙනවා.

ඊට අමතරව දිනක්ෂි ප්‍රියසාද්, අශාන් ඩයස්, තිලක්ෂනී රත්නායක, සනත් ගුණතිලක ඇතුලු ජනකාන්ත නලු නිලියන් රැසකුත් මෙහි රංගනයෙන් දැකගන්නට පුලුවන්.

ධර්ම යුද්ධය 2 අධ්‍යක්ෂණය කළේ මාරියා – නිකිනි වැස්ස – හැපී බර්ත්ඩේ ඔබ වෙත ගෙනා අරුණ ජයවර්ධන විසිනි.

දිවයින පුරා සිනමා හල් රැසකදී ඔබට දැන් මෙම සිනමා නිර්මාණය රස විඳින්නට පුලුවන්!

Share

18 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.