නව වසරට නව බොක්සිං ක්‍රීඩකයෙක් හඳුන්වාදෙයි
නව වසරේ බොලිවුඩ් සිනමාපට රැසක් තිරගත කිරීමට සුදානමින් පෙළ ගස්වා තිබෙනවා. බොලිවුඩ් සිනමාලෝලීන් වෙත ඒ සිනමාපට තොරතුරු ගෙන ඒමට cinema.lk සුදානමින් සිටිනවා. ජනවාරි මස 12 වැනිදා නිකුත් කිරීමට නියමිත නවතම සිනමාපටයක් ගැන තොරතුරුයි මේ.
සමාජ ක්‍රමයේ අර්බුධ හේතුවෙන් සිය ක්‍රීඩා සිහිනය බොඳවූ තරුණ ජිවිතයක් පිලිබඳ කියවෙන අපුරු කතාවක් සිනමාවට ගෙන ඒමට Anurag Kashyap සමත්ව තිබෙනවා. බොලිවුඩ් සිනමා නළු Vineet Kumar Singhගේ සිතේ ඇතිවූ අදහසකට අනුව ලිවිම ආරම්භ කළ Mukkabaaz සිනමාපටයේ තිර පිටපත Anurag අතට පත්වීමෙන් පසුව මේ පිලිබඳ වැඩිදුර සමීක්ෂණ ආරම්භ කල බවත් එහිදී මේ චරිත සැබෑ ලෙසම හමුවූ බවත් Anurag Kashyap පවසා තිබුනා. කතාව ගොඩනැගූ Vineetගේ ප්‍රධානම අරමුණ වී තිබුනේ මෙහි ප්‍රධාන චරිතයට පණ පෙවීම. Anurag Kashyap, ඔහුව මෙහි ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන තිබෙනවා. 2017 Toronto International සිනමා උළෙලේදී Special Presentation Selection කාණ්ඩය යටතේ මේ සිනමාපටය ප්‍රදර්ශනය කොට තිබෙනවා. විනාඩි 145ක ධාවන කාලයකින් යුත් මේ සිනමාපටය ජනවාරි 12 වැනිදා නිකුත් වීමට නියමිතයි.
Written by Nisanka Weheraduwa
